ට්‍රම්ප්ගෙන් යුරෝපා සංගමයටත් බදු

Trump vows 25% tariffs on EU and says bloc was 'formed to screw US' – video | Donald Trump | The Guardian

යුරෝපා සංගමයට 25% ක තීරුබදු පනවන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

ඔහු ඒ බව කියා සිටියේ, මංගල කැබිනට් රැස්වීමට එක්වෙමින්.

යුරෝපා සංගමය, අමෙරිකාව විනාශ කිරීම සඳහා පිහිටුවා ගත් සංවිධානයක් බව ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබෙනවා.

කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් යුරෝපා සංගමය පවසා ඇත්තේ, ඊට එරෙහිව කඩිනමින් ප්‍රතිචාර දක්වන බවයි.

යුරෝපා සංගමය සෑම විටම යුරෝපීය ව්‍යාපාර, කම්කරුවන් සහ පාරිභෝගිකයින් අසාධාරණ තීරුබදුවලින් ආරක්ෂා කිරීමට කැපවන බව එහි ප්‍රකාශකයෙක් පවසා තිබුණා.

Social Sharing
නවතම පුවත් විදෙස්