ශ්‍රී ලංකාවේ පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත (PDPA) බලාත්මක කිරීම මාස හයකින් ප්‍රමාද වී ඇත. රජය විසින් ඒ සඳහා රාජ්‍ය අංශයේ පවතින සූදානම පිළිබඳ අවධානය යොමුකරන බවට ද සඳහන් වේ.
ඩිජිටල් ආර්ථිකය පිළිබඳ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් එම ප්‍රමාදය තහවුරු කර ඇති බවට වාර්තාවන අතර රජයේ සෑම තරාතිරමකම පූර්ණ සහායක් ලබාගැනීම සහතික කිරීම සඳහා අමතර කාලයක් අවශ්‍ය බව ද අවධාරණය කර ඇත.
ඒ අනුව මෙම වසරේ මාර්තු 18 දා සිට බලාත්මක වීමට නියමිතව තිබූ මෙම පනත, අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලද සංශෝධනවලින් පසුව ක්‍රියාත්ම වීමට නියමිතව ඇත.
ඩිජිටල් ආර්ථිකය පිළිබඳ අමාත්‍යාංශයට වාර්තා කරන අන්දමට ප්‍රමාදයට හේතුව ලෙස සඳහන් කරන්නේ, බලාත්මක කිරීමේ අවශ්‍යතා සපුරාලීම සඳහා ඔවුන්ගේ මානව සහ තාක්ෂණික යටිතල පහසුකම් ශක්තිමත් කිරීමට වැඩි කාලයක් අවශ්‍ය වන බවට බහු පාර්ශ්වකරුවන්ගෙන්, විශේෂයෙන් රාජ්‍ය අංශයෙන් කළ ඉල්ලීම් මත බවයි.
බොහෝමයක් පාර්ශ්වකරුවන්, විශේෂයෙන්ම රාජ්‍ය අංශයෙන්, ඔවුන්ගේ මානව සහ තාක්ෂණික යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා අමතර කාලයක් අවශ්‍ය බවට සඳහන් කර ඇති අතර, එවිට ඔවුන්ට පනතේ බලාත්මක කිරීමේ විධිවිධානවලට සම්පූර්ණයෙන්ම අනුකූල වීමට හැකි වනු ඇතැයි ප්‍රකාශ කර ඇත.
දකුණු ආසියාවේ පළමු විස්තීර්ණ දත්ත ආරක්ෂණ නීති සම්පාදනය ලෙස, ශ්‍රී ලංකාවේ පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත සැලසුම් කර ඇත්තේ ඩිජිටල් ආර්ථිකයේ වර්ධනය කරමින් පුරවැසියන්ගේ දත්ත අයිතිවාසිකම් ආරක්ෂා කිරීම උදෙසාය.
කෙසේවෙතත්, රාජ්‍ය අංශයේ ඇතැම් ආයතන කෘත්‍රිම බුද්ධිය භාවිත කිරීම සඳහා පෞද්ගලික අංශයට සමාන තාක්‍ෂණික තේරීම් කිරීමේදී වඩාත් නම්‍යශීලී වීමට ඉඩදෙන ලෙස සංශෝධන තුළින් ඉල්ලා ඇති බවට වාර්තා වේ.