උතුරු-නැගෙණහිර දී අතුරුදහන් කරන ලද මෙන්ම, යුද්ධාවසානයේදී ශ්‍රී ලංකා ආණ්ඩුවේ ආරක්ෂක අංශ වෙත බාර දුන් සිය සමීපතමයින්ට යුක්තිය ඉල්ලා, කිළිනොච්චිය මූලික කර ගිනිමින් 2017 පෙබරවාරි 20වන දින ආරම්භ කරන ලද අරගලය ට පසුගිය 20 වනදාට වසර 8ක් ගතවෙයි. 2017න් පසු කිලිනොච්චිය ඇතුලු උතුරු සහ නැගෙණහිර ප්‍රදේශවල අතුරුදහන්වූවන්ට සත්‍ය සහ යුක්තිය ඉල්ලා මෙම අරගලය දියත් වූ අතර, විවිධ තර්ජන, බාධක මැද අද දක්වාම මෙම අරගලය ඉදිරියට රැගෙනයාමට අතුරුදහන්කළවූන්ගේ සමීපතමයින් සමත්ව තිබේ. ඒ අන් කිසිදු වරප්‍රසාදයක් නිසා නොවෙයි. ඔවුන්ගේ එකම බලාපොරොත්තුව වන යුක්තිය ම නිසාය.
කෙසේ නමුත් මේ වසර 8 තුළ ලංකාවේ බලයට පත්වූ කිසිදු ආණඩුවක් මේ දෙමළ මිනිසුන්ගේ එකම ඉල්ලීම වන සත්‍ය සහ යුක්තිය ළගා කර දීමට සමත්ව නැති අතර මේ කාලය පුරාවටම වයෝවෘද්ධ දෙමාපියන් 250කට අධික සංඛ්‍යාවක් සිය සමීපතමයින් පිළිබදව කිසිදු තොරතුරක් නැතිව මෙලොවින් සමුගෙන ගොස් ඇති බව උතුරේ මානව හිමිකම් ක්‍රියාකාරීන් පවසයි’ නමුත්, මෙම දෙමළ වින්දිත මිනිසුන්ගේ අධිෂ්ඨානයත්, වීර්යයත් ආපසු හැරවිය නොහැකි බව පසුගිය 20 වනදා කිළිනොච්චියට එක්රැස් වූ දෙමළ මව්වරුන්, පියවරුන් ඇතුලු විශාල පිරිසක් කිලිනොච්චියේ වීදි පුරා යමින් නැවත වරක් අවධාරණය කර සිටියේ, ඔවුන්ට අවශ්‍ය වන්නේ අතුරුදහන්කළවූවන් පිළිබදව සත්‍ය සහ යුක්තිය ම පමණක් බවය.
මේ ඡායාරූප පිළිබදව දැක්වේ…