දේශබන්දු තෙන්නකෝන්ගේ පත්කිරීමට අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට

පොලිස්පතිවරයා ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතා පත්කිරීමේ තීරණය අභියෝගයට ලක් කරමින් ගොනුකරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම් නවය විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබේ.

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා ලෙස පත්කිරීමට පෙර බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ අතර ඔහුව පොලිස්පති තනතුරට පත්කළ ආකාරය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් නිකුත් කරන ලෙස එම පෙත්සම්වලින් ඉල්ලා ඇත.

මෙම නඩුව අද දින කැඳවනු ලැබුවේ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් යටතේ වන අතර එම විනිසුරු මඩුල්ල වූයේ ප්‍රීති පද්මන් සූරසේනයසන්ත කෝදාගොඩඒ.එච්.එම්.ඩී. නවාස්ශිරාන් ගුණරත්න සහ අචල වෙංගප්පුලි යන අයවලුන්ය.

එහිදී දේශබන්දු තෙන්නකෝන් වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා අධිකරණයට සාක්ෂි ඉදිරිපත් කළේතම සේවාදායකයාට පොලිස්පතිවරයා ලෙස කටයුතු කිරීම වළක්වමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර ඇති බවයි.

එබැවින් මෙම පෙත්සම් විභාගය කඩිනම් කරන ලෙස ඔහු අධිකරණයෙන් ඉල්ලා ඇත. අධිකරණය හමුවේ ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ පංච පුද්ගල විනිසුරු මඩුල්ල අදාළ පෙත්සම් විභාගය එලෙඹෙන මැයි මාසයේ 06, 07 සහ 08 යන දිනවල සිදුකිරීමට නියම කර ඇත.

පෙත්සම්කරුවන් අතරට කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්තරුණ මාධ්‍යවේදීන්ගේ සංගමය ඇතුළු තවත් පාර්ශව කිහිපයක් සමන්විතය. ඔවුහු තර්ක කරන්නේ දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා ලෙස පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ඉදිරිපත් කර ඇති නිර්දේශ නීති විරෝධී බවයි.

එම නිර්දේශ මත පදනම්ව පොලිස්පතිවරයා ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතා පත්කිරීමට ගත් තීරණය නීතියට පටහැනි බවට තීන්දුවක් නිකුත් කරන ලෙස පෙත්සම්වලින් ඉල්ලා ඇති බවට වාර්තා වේ.

Social Sharing
නවතම පුවත්