කැබිනට් මණ්ඩලය පත්කරන අවස්ථාවේ නලින් හේවගේට, නාමල් කරුණාරත්නට සහ සුනිල් වටගලට අමාත්‍ය ධූර ලබා නොදුන්නේ මන්ද යන්න මටත් තිබුණු ප්‍රශ්නයක්. ජවිපෙ හිතවතෙක් එක්ක එදා මේ ගැන කතා කළාම ඒ ගැන අදහසක් ගන්න පුළුවන් වුණා. හේතුව තමයි මෙයාලා හරි ඉක්මනින් හදිසි අනතුරු කරගැනීමේ සම්භාවිතාවක් තියෙනවා කියන එක.
ඇත්තටම එදා මාලිමාවේ ඒ තීරණය නිවැරදියි කියන එක දැන් පේන්න තිබෙනවා. වටගල බලය ලැබුණදා සිටම තරමක් නොසන්සුන්ව හැසිරෙන බව ඔහුගේ Body Language එක අධ්‍යයනය කළාම පේනවා. එදා අධිකරණ භූමියේදි තමන්ගේ රියදුරු සහෝදරයාට බූරුවා කියා අමතන්නෙත් ඔය කියන නොසන්සුන් බව නිසාමයි.
ඊටත් එහාට ගියාම තවත් බරපතල ප්‍රශ්නයක් එතන තිබෙනවා. මා දන්නා පරිදි පැලවත්ත පක්ෂ කාර්යාලයෙන් සහ ජවිපෙ සහෝදරවරුන් එකී ආමන්ත්‍රණය ගැන පාර්ලිමේන්තුවේදී හෝ මාධ්‍ය ඉදිරියේ යම් සමාව ගැනීමක් හෝ පැහැදිලි කිරීමක් කරන ලෙස වටගලගෙන් ඉල්ලා තිබෙනවා. එහෙත් ඔහුගේ ඇති උද්ධච්ඡ ස්වභාවය නිසාම එවැන්නක් නොවුන නිසයි කැබිනට් ප්‍රකාශක නලින්ද ජයතිස්සට ඒ ගැන කනගාටුව පළකරන්න සිදුව තිබෙන්නේ.
නලින් හේවගේ, රොහිණී කවිරත්න මන්ත්‍රීවරියට අගෞරවයක් වන ලෙස ඊයේ පාර්ලිමේන්තුවේදී ආමන්ත්‍රණයක් කරනවා. ඔහුගේ නම් ප්‍රශ්නය “ජන්ම ගති අරින්න බෑ” වගේ එකක්. මීට පෙර මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහටත් මෙවැනිම අපහාසයක් කළා මතකයි.
ඔහු දේශපාලන අපහාස (Political mudslinging) හා නින්දා සහගත ප්‍රකාශ (Derogatory remarks) බිනින්නෙකු බව මේ වන විට ඕනෑවටත් වඩා ඔප්පු කර තිබෙනවා.
නලින් හේවගේ තවදුරටත් හැසිරෙන්නේද ආණ්ඩු බලය ගැනීමට වෙර දරණ පක්ෂයක බාල ගණයේ වාග් ප්‍රහාර එල්ල කරන්නෙකු ලෙසයි. ආචාර්ය හර්ෂද සිල්වා මන්ත්‍රීවරයාගේ විරෝධය හමුවේ ඔහුටද ඊයේ තමන් අතින් සිදුවූ දේ සම්බන්ධයෙන් සමාව ගැනීම හෝ කනගාටුව පළකිරීමට තිබුණා. එහෙත් එයද කළේ අමාත්‍ය නලින්ද ජයතිස්සයි. ආණ්ඩුවේම මන්ත්‍රීණී ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න ඔහුගේ ප්‍රකාශය හෙළාදැකීමද අගය කළ යුත්තක්.
මේ නලින්ලා වටගලලා වැන්නන්ගෙන් ආණ්ඩුවට සිදුවෙමින් තිබෙන්නේත් එක්තරා හානියක්. ඒ වගේම මාලිමාවේ 159 දෙනෙකුගෙන් පිරුන පාර්ලිමේන්තුව වියත් හා මහා ගාම්භීර එකක් බවට පත්ව රෝහිතලාට චාමරලාට අසුන් යට සැඟවී සිටින්නට සිදුවෙතැයිද අප සිතුවා. එහෙත් ඔවුන් දෑන් බල්ටි හා කරණම්ද ගහනවා.
පසුගිය පාර්ලිමේන්තුවේදී තිස්ස කුට්ටිආරච්චි
තමන්ගේ කතාවට බාධා කළ අවස්ථාවේ එවක මන්ත්‍රී අනුර දිසානායක කිවේ ගංවතුරත් සමග පොල් කෝම්බද ගසා ගෙනවිත් ඇති බවයි. ඇතැම් විටෙක වත්මන් ආණ්ඩු පක්ෂයටද එවැන්නක් සිදුව තිබිය හැකිය.
මෙහි ප්‍රශ්නය වන්නේ ඉතා ඇවෑමෙන් ගොඩනගාගත් වාමාංශික නැඹුරුවක් සහිත ආණ්ඩුවට එකී වාමවාදී හැඩයක් නඩත්තු කර ගැනීමට නොහැකිවීමයි. එදා ඇන්.ඇම්.පෙරේරා, කොල්වින් ආර්. ද සිල්වා වැනි කොමියුනිස්ට්වාදී නායකයන් විසින් පාර්ලිමේන්තුවේදී එකී ගුණය රැකගනු ලැබුවා.
“සුභද්‍ර හික්ෂුවගේ අභද්‍ර වචනය” නිසා බුදුන්ගේ පිරිනිවීමෙන් මාස තුනක් ගිය කල පළමු ධර්ම සංඝායනාව පවත්වා සසුන බේරාගත හැකිවුණා. වත්මන් ආණ්ඩුවේ ඇතැම් අභද්‍ර වචනද ආණ්ඩුවේ හෙට දවසට ගුණදායක නැහැ. ඒවා පහු පහු වෙන්න කොහු කොහු වෙන්නත් බැරි නැත.
එනිසා ජනපතිට කෙතරම් වැඩ තිබුණද මේ ගැනද ටිකක් බැලීම වටී. “ජෙවිපෙ පංති” නොවන වෙනත් භාහිර සම්පත්දායකයන්ගේ වැඩමුළු ටිකක්වත් මේ මන්ත්‍රීවරුන්ට පැලවත්ත කාර්යාලයේ සංවිධාන කිරීම අනාගත ආයෝජනයක් වනු ඇති.
මහින්ද රුබසිංහගේ මුහුණු පොතෙනි,