කොළඹ වරායේ බටහිර පර්යන්තයේ මෙහෙයුම් ඇරඹෙයි

කොළඹ වරායේ බටහිර පර්යන්තයේ මෙහෙයුම් ලබන 26 වැනිදා වනවිට ආරම්භ කරන බව වරාය හා ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය රුවන් කොඩිතුවක්කු මහතා සඳහන් කළේය. එම පර්යන්තයට බහාලුම් ප්‍රවාහන නෞකාවක් ළඟා වීමට නියමිත බවත් වසරකට බහාලුම් මිලියන 2.7 ක් බටහිර පර්යන්තය හරහා මෙහෙයුම් කළ හැකි බවත් සඳහන් විය.

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම්ද ලබන ජූලි මාසයේදි ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

වරාය අධිකාරියේ අරමුදල් යොදා ගනිමින් ඉදි කළ එහි වාර්ෂික බහාලුම් මෙහෙයුම් ධාරිතාව මිලියන 3කි.

Social Sharing
ආර්ථික පුවත්