විද්‍යා දැරිය අපයෝජනය කිරීමේ සිද්ධියේදී රාජකාරිය පැහැර හැරීමේ වරදට අදාළව හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහට වසර හතරක බරපතල වැඩ සහිත සිරදඬුවම් වවුනියාව මහාධිකරණයෙන් නියම කර ඇති බවට වාර්තා වේ.
යාපනයේ පාසල් සිසුවියක් වූ විද්‍යා දැරිය ඝාතනයේ ප්‍රධාන සැකකරු වන ස්විස් කුමාර් නොහොත් මහාලිංගම් ශෂිකුමාර්ට පළායෑමට උපකාර කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වූ නඩුව අද දින විභාගයට ගත් අවස්ථාවේදී මෙම දඬුවම නියම කර ඇත.
ඒ අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහට එල්ල වූ චෝදනාව වූයේ 2015 දී සිදුවු මතභේදාත්මක සිදුවීමක් වන සිවලෝගනාදන් විද්‍යා දැරිය අපයෝජනය කොට ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විභාගයට ගන්නා ලද නඩුවේදී ස්විස් කුමාර් අත්අඩංගුවට ගැනීමෙන් වැළකී සිටීමට උදව් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙනි.
2015 වසරේ මැයි මාසයේ දී මෙලෙස උතුරේ පුන්ගුඩුතිව් දූපතේදී අපයෝජනයට ලක්කොට ඝාතනය වූ සිවලෝගනාදන් විද්‍යා දැරිය එවකට 18 හැවිරිදි පාසල් සිසුවියකි. මෙම ඝාතනයේ ප්‍රධාන සැකකරු වන මහලිංගම් සසිකුමාර් නොහොත් ස්විස් කුමාර්, පුන්ගුඩුතිව්හිදී ගම්වැසියන් විසින් හසුකරගෙන පොලිසියට භාර දී ඇත.
මෙම දැරිය ඝාතන චෝදනාවට වරදකරු කෙරුණු විත්තිකරුවන් හත්දෙනෙකුට යාපනය මහාධිකරණ විසින් මේ වනවිට මරණීය දණ්ඩනය නියම කර ඇත. මෙම නඩුවේ පැමිණිල්ල මෙහෙයවනු ලැබුවේ රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥයෙක් වන නිශාන්ත් නාගරත්නම් විසිනි.