ඝාතන මැද නීතිඥ සංගම් නිලවරණය අද!

bar association of sri lanka president

අලුත්කඩේ උසාවි සංකීරණය තුල පුද්ගලයකු වෙඩි තබා ඝාතනය සිදුවන අවස්ථාවේ  ශ්‍රී ලංකාවේ විශාලතම වෘත්තික සංගමය ලෙස සැලකෙන ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා තෝරා ගැනීමේ නිලවරණය අද(19) දින පැවැත්වෙමින් තිබේ. කොළඹ ඇතුළු දිවයින පුරා පිහිටි අධිකරණයන්හි පිහිටුවා ඇති මධ්‍යස්ථානයන් හිදී අද දින නීතිඥ සංගමයේ සාමාජිකයන් සිය ඡන්දය ප්‍රකාශ කරනු ඇත.

මෙවර නිලවරණය සුවිශේෂී වන්නේ ඒ සදහා ඉදිරිපත් වන බවට කලින් ප්‍රකාශ කල නීතිඥවරුන් ගණනාවක් ඉල්ලා අස් වූ නිලවරණය මෙය වන බැවිනි. මේ සදහා ඉදිරිපත් වන බවට ප්‍රකාශ කල ජනාධිපති නීතිඥ නලින්ද ඉන්දතිස්ස, ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර තරගයෙන් මුල් අවස්ථාවේදීම ඉල්ලා අස් වූ අතර නිලවරණයට නාමයෝජනාද ලබා දුන් ජනාධිපති නීතිඥ අනුර මැද්දගොඩ මහතා අවසන් මොහොතේ නාමයෝජනා ඉල්ලා අස් කර ගන්නා ලදී.

මෙම නිලවරණය වැළැක්වීම සදහා වාරණ නියෝගයක් ලබා ගැනීමට කොළඹ දිසා අධිකරණයේ නඩුවක්ද පැවරුණු අතර එම වාරණ නියෝගය ලබා දීම අධිකරණය ප්‍රතික්ෂේප කරන ලදී.

නිලවරණයේ නාමයෝජනා ලබාදීමට පෙර සිටම ඉදිරියෙන් සිටිමින් සිය මෙහෙයුම් සිදු කල නීතිඥ රජීව් අමරසූරිය මහතා මේ වන විට නිලවරණයේ ඉදිරියට පැමිණ ඇති බව වාර්තා වන අතර ඔහු සමග තරග වදින අනෙක් අපේක්ෂකයා වන්නේ නීතිඥ ආචාර්‍ය සුනිල් අබේරත්න මහතායි.

Social Sharing
අවකාශය නවතම