මරණ පරීක්ෂණයක් කඩිනමින් පවත්වා ගැනීමට ඔබත් අල්ලස් දෙනවාද?

අද මේ රටේ රජ්‍ය සේවකයන් ලක්ෂ 15කට ආසන්න ප්‍රමාණයක් සිටින අතර, මෙම රාජ්‍ය සේවය තුලත් සමහර අවස්ථාවලදී අල්ලස හා දුෂණය පවතින බව රයිට් ටු ලයිෆ් ආයතනයේ විධායක අධ්‍යක්ෂ පිලිප් දිසානායක මහතා පවසයි.

හැටන් කොටගල කොමාර්ෂල් ප්‍රදේශයේ උත්සව ශාලාවකදී ප්‍රදේශයේ මානව හිමිකම් කඩවිම් පිලිබදව දැනුවත් කිරිමේ වැඩ සටහනකදි ඔහු මේ බව පවසන ලදි.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක්වු පිලිප් දිසානායක මහතා මෙම ප්‍රදේශයන් තුලත් විවිධ මානව හිමිකම් කඩවිම් සිදුවන්න පුලුවන් එම තත්වයන් පිලිබදවත් සොයා බැලිමට පියවර ගත යුතුයි.

රයිට් ටු ලයිෆ් ආයතනයේ විධායක අධ්‍යක්ෂ පිලිප් දිසානායක මහතා
රයිට් ටු ලයිෆ් ආයතනයේ විධායක අධ්‍යක්ෂ පිලිප් දිසානායක මහතා

මේ වන විට මේ රටේ රාජ්‍ය සේවයේ දාහතර ලක්ෂ පනස් දහසක් පමණ යෙදි සිටිනවා මෙම රජ්‍ය සේවයේ යෙදී සිටින සමහර පිරිස් අතරත්, අල්ලස හා දුෂනය පවතිනවා.

අල්ලස යනු කිසියම් කාර්යක් ඉටු කර ගැනීමට හෝ ඉටු නොකිරීමට යම් දෙයක් ලබා දිමයි මෙය මුදලින් වෙන්නත් පුලුවන් වෙනත් දෙයකින් වෙන්නත් පුලුවන්.

අද සමහර අවස්ථාවලදී රෝහලකට ගොස් බෙහෙත් ගැනීමට මළ සිරුරක් කඩිනමින් මෝචරියෙන් එලියට ගැනීමට, මරණ පරීක්ෂණයක් කඩිනමින් පවත්වා ගැනිමටත් සමහර අවස්ථාවලදී අල්ලස් දීමට සිදු වෙන්න පුලුවන්.

2023 වර්ෂයේදි ගෙනා අල්ලස් දුෂණ විරෝධි පනත ඉතා හොද දෙයක් මෙයට පෙර ලිංගික අල්ලස් ඉල්ලීම ඇතුලත් කර තිබුනේ නැහැ. එත්, 2023 එයද ඇතුලත් කර තිබෙනවා එමෙන්ම කලින් තිබුනේ රාජ්‍ය සේවයට පමණයි එත් 2023 යටතේ එය ඕනැම අයෙක් අල්ලස් දුෂණය කලහොත් එයට විරුද්ධව නීතිමය පියවර ගත හැකියි.

එමෙන්ම මේ වන විට වත්කම් බැරකම් නීතියද අනිවාර්ය කිරීමට පියවර ගෙන තිබෙනවා මෙයත් ඉතා හොද දෙයක්.

සුදත් සෙල්ලහේවා – හැටන්

Social Sharing
අවකාශය නවතම