කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අසළ වෙඩි තැබීමක් සිදු වී ඇති බව වාර්තා වේ. පාතාල නායක ගණේමුල්ල සංජීව ඉලක්ක කරගෙන මෙම වෙඩි තැබීම සිදු වී ඇති බවටයි දැනට වාර්තා වන්නේ. සිදුවීමෙන් ගනේමුල්ල් සංජීව මිය ගොස් ඇති බවට වාර්තා වේ.
අලුත්කඩේ මහේස්ත්රාත් අධිකරණ අංක 05දී රිමාන්ඩ් දීර්ඝ කිරීමට නඩුව කැඳවූ අවස්ථාවේදී ගණේමුල්ල සංජීව නැමැත්තාට වෙඩි තබා ඇති බවත්, නීතිඥවරයකු ලෙස පැමිණි වෙඩික්කරු ගනේමුල්ල සංජීව නැමැත්තා විත්තිකූඩුවට ගොඩවූ පසු නීතිඥ මේසයෙන් නැගී සිට සංජීව නැමැත්තා ඉලක්ක කර වෙඩි තබා පළාගොස් ඇති බවත් පොලිසිය කියයි.
වෙඩි තැබීමෙන් පසු අලුත්කඩේ අධිකරණ වැඩ තාවකාලිකව නතර කරයි.