රජය මෙවර අයවැය මඟින් ප්‍රතිපත්තිමය වශයෙන් ආර්ථිකය වර්ධනය කිරීම සඳහා වන යෝජනා ගණනාවක් ඉදිරිපත් කර ඇති බව ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු පවසනවා.
නව රේගු පනතක් ඉදිරිපත් කිරීම, රාජ්‍ය හා පුද්ගලික අංශ ඒකාබද්ධව අපනයන සංවර්ධන කලාප සඳහා යොමුවීම ඉතාමත් නිවැරදි මාර්ගයට යන තීරණ බවයි ඊයේ (17) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළා.
මෙවර අයවැය මගින් රාජ්‍ය හා පුද්ගලික අංශය ඒකාබද්ධව වැඩ කිරීම සම්බන්ධයෙන් හොඳ මගපෙන්වීමක් ලබාදී ඇති බවත් සමාජ ආරක්ෂණය සම්බන්ධයෙන් අයවැය මඟින් රජය අවධානය යොමු කර ඇති අයුරු පෙන්නුම් කරන බවද ඔහු සඳහන් කළා.
රජයේ ආදායම රුපියල් ට්‍රිලියන 5 ක් ලෙස බලාපොරොත්තු වුවද වියදම් ලෙස ට්‍රිලියන 7 ක් වැයවීම මඟින් ට්‍රිලියන 2 ක පරතරයක් ඇති වන බවත් රජයේ ආදායමෙන් ට්‍රිලියන 3 කට ආසන්න ප්‍රමාණයක් වැයවන්නේ ණයවල පොලිය ගෙවීමට බවද ඔහු ප්‍රකාශ කළා.
රජයේ සේවකයින්ට සිදුකළ පඩි වැඩිවීම අවදානමක් සහිත තීරණයක් බවත් වසර 3 ක් තුළ පඩි වැඩි කිරීමට රජයට බිලියන 300 කට ආසන්න මුදලක් වැයවන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.