මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවලින් ශ්‍රී ලාංකිකයන් 13 දෙනෙකු බේරා ගැනේ.

මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවල බලහත්කාරයෙන් රඳවාගෙන සිටින ශ්‍රී ලාංකිකයන්ගෙන් දෙනකු 13 මුදාගත් බවට විදෙස් ආරංචි මාර්ග වාර්තා කරයි. නිදහස් කරගත් පිරිස අතර තරුණයන් 11 දෙනෙකු සහ තරුණියින් දෙදෙනෙක් මේ අතර සිටින බව වාර්තා වේ. මෙම පිරිස වයස අවුරුදු 20ත් 30ත් අතර වයස් කාණ්ඩයේ පසුවන පිරිසක් ද වන අතර මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරු කිහිපයක තවත් ශ්‍රී ලාංකිකයන් 14 දෙනකු සිටින බවත් ඔවුන්ව ද හැකි ඉක්මනින් මුදාගෙන මෙරටට රැගෙන ඒමට විදේශ කටයුතු අමාත්‍යාංශය පියවර ගන්නා බවට සඳහන් වේ.

මුදවාගත් පිරිස තායිලන්ත දේශ සීමාවේ සිට බැංකොක් හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්‍යාලය වෙත රැගෙන ආපසු ඉදිරි දින කීපය ඇතුළත ශ්‍රී ලංකාවට රැගෙන ඒමට නියමිත බව අමාත්‍යංශය පවසා සිටියි. එමෙන්ම විදේශ කටයතු ඇමැති විජිත හේරත් මහතා ඉකුත් දා තායිලන්ත විදේශ කටයතු අමාත්‍යවරයා හා මියන්මාරයේ නියෝජ්‍ය අගමැතිවරයා අතර පැවැති සාකච්ඡාවන් තුළ දී මෙම සයිබර් අපරාධ කඳුවුරුවල සිටින ශ්‍රී ලාංකිකයන් බේරා ගැනීමට සහය ඉල්ලා ඇති අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් මෙලෙසින් මෙම තරුණ පිරිස බේරා ගෙන ඇත. එමෙන්ම මියන්මාරයේ ශ්‍රී ලාංකා තනාපතිනි ප්‍රභාශිනි පොන්නම්පෙරුම මහත්මිය ඇතුළු මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති කාර්‍යාලයේ මැදිහත් වීමෙන් පරිගනක අපරාධකරුවන්ගේ ග්‍රහණයේ සිටින සෙසු ශ්‍රී ලාංකිකයන් ද මුදාගැනීමට කටයතු කරන බවට වාර්තා වේ.

Social Sharing
නවතම පුවත්