ජූලී චන්ග් යන පැත්ත බලන එක ඉන්ටරෙස්ටින්. මොකද එයා නිකම් යන්නේ නැහැ. හේතුවක් ඇතුව තමයි යන්නේ. චන්ග් නෝනා පැලවත්ත පැත්තට යනකොට අනික් අයගේ මූණු ඇඹුල් වෙනවා. මාලිමා කට්ටිය හිනා වෙනවා. සතුටුයි.
චන්ග් නෝනා පොහොට්ටු කාර්යාලේ පැත්තට යනකොට අනික් අයගේ මුහුණු ඇඹුල් වෙනවා. පොහොට්ටු කට්ටිය හිනා වෙනවා. සතුටුයි.
දැනට එයා යන්නේ මේ තැන් දෙකට විතරයි වගේ මටනම් පේන්නේ. ඒ කියන්නේ දේශපාලන චලනයක් තියන ව්‍යාපාර දෙක පැත්තට විතරයි වගේ චන්ග් නෝනත් චලනය වෙන්නේ.
ප්‍රධාන ධාරාවේ අනික් අය මෙලෝ රහක් නැති නිසා චන්ග් නෝනා ඒ තැන්වලට පය තියන්නේ නැහැ.
මේ වෙලාවේ ලංකාවේ පාරට බැහැල ගේමක් ඉල්ලන්න පුළුවන් ප්‍රධාන ධාරාවේ ව්‍යාපාර දෙකයි තියෙන්නේ. එකක් මාලිමාව. දැන් එයාල බලයේ ඉන්න නිසා පාරේ නැහැ. අනික පොහොට්ටුව. මිනිස්සු මොබිලයිස් කරන්න පුළුවන් දැනට මේ දෙගොල්ලට විතරයි කියල මටනම් හිතෙන්නේ.
ඒ නිසා චන්ග් චලනය බලන්න වටින දෙයක්….