මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතන සිදුවීමට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු නිදහස් කරන ලෙස 2025 ජනවාරි මස 27 වන දින නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නිකුත් කර තිබූ නියෝගය තාවකාලිකව අත්හිටුවන බව නීතිපතිවරයා අද (13) ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයට ලිඛිතව දැනුම්දී තිබේ.
මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතන සිද්ධියේ සැකකරුවන් තිදෙනෙකු නිදහස් කරන ලෙස මීට පෙර නීතිපතිවරයා පොලීසියට නිර්දේශ කර තිබූ අතර මේ සම්බන්ධයෙන් දැඩි කතාබහහක් නිර්මාණය වූ අතර ජනාධිපතිවරයා හා නීතිපතිවරයා අතර හමුවක්ද මේ සම්බන්ධයෙන් පවත්වා තිබුණි.