මෙම මස 17 වැනිදා ආරම්භ වන පාර්ලිමේන්තු අයවැය විවාදය පැවැත්වෙන මාසයක කාලය තුළ විදේශ සංචාරවල නිරත නොවන ලෙස ජනාධිපති කාර්යාලය රජයේ අමාත්‍යවරුන්ට සහ රාජ්‍ය අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත.
ඒ අනුව සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්ට සහ අදාළ නිලධාරීන්ට ජනාධිපති ලේකම් එන්. එස්. කුමානායක විසින් ඊට අදාළ චක්‍රලේඛයක් යොමුකර ඇත.
මුදල් අමාත්‍යවරයා ද වන ජනාධිපති අනුර දිසානායක විසින් පළමු අයවැය මෙම මස 17 වැනිදා පෙරවරු 9.30 ට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර, විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි සහ තෙවැනිවර කියවීමේ විවාදය පෙබරවාරි 18 වැනිදා ආරම්භ වී මාර්තු 21 වැනිදා දක්වා පැවැත්වීමට දින නියම කර තිබේ.
ජනාධිපති කාර්යාලය උපදෙස් දී ඇති අන්දමට මෙම කාලසීමාව තුළ අමාත්‍යවරුන් නිල හෝ පෞද්ගලික විදේශ සංචාරවල නිරත නොවිය යුතු අතර අවශ්‍ය අවස්ථාවලදී විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් විදේශයන්හි ශ්‍රී ලංකා දූත මණ්ඩල හරහා විශේෂ අවස්ථා සඳහා අවශ්‍ය නියෝජනය සඳහා පහසුකම් සැලසිය යුතු බවත් ය. එපමණක්ම නොව සියලුම අමාත්‍යාංශවල විෂයපථයට අයත් ආයතන සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට, සභාපතිවරුන්ට, ප්‍රධාන විධායක නිලධාරීන්ට සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ටද උපදෙස් ලබා දී ඇත්තේ අත්‍යවශ්‍ය නොවන විදේශ සංචාරවලට සහභාගි වීමෙන් වළකින ලෙසයි.