කාන්තා පොලිස් නිළධාරීන්ට පොලිස් සේවාව තුළ සිදුව ඇතැයි පැවසෙන විවිධාකාරයේ ලිංගික හිරිහැර ඇතුළු ලිංගික හිංසනයන් සිදු කළ නිළධාරීන්ට එරෙහිව විමර්ශන කටයුතු වහා ආරම්භ කිරීමට වැඩ බලන පොලිස්පති නියෝග කර තිබේ.
ඒ අනුව පොලිස් ළමා හා කාන්තා අපයෝජන විමර්ශන කාර්යාංශය විසින් මේ සම්බන්ධව විමර්ශන ආරම්භ කර ඇති බව වාර්තා වේ. මේ සම්බන්දව පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය භාර නියෝජ්‍ය පොලිස්පතිනි රේණුකා ජයසුන්දර මහත්මිය “දිවයින”ට පවසා තිබුනේ.., විවිධ තනතුරු දරන පොලිස් නිලධාරීන් ලිංගික හිරිහැර ඇතුළු විවිධ හිංසනවලට ලක්කරන බවට සඳහන් කරමින් දිවයින පුරා පොලිස් ස්ථාන රැසක පොලිස් නිලධාරිනියන් කළ පැමිණිලි මත පොලිස්පතිවරයාගේ නියෝගයෙන් විමර්ශන ආරම්භ කර ඇති බවත්, මීට පෙර ලැබුණු පැමිණිලි ද විමර්ශනය කරමින් ඇති බවයි.
අතවරයට ලක්වූ බව කියන කාන්තා පොලිස් නිලධාරිනියන්ගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමෙන් පසු විමර්ශන සිදුකර සැකකරුවන්ට, නිලධාරීන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ද ඇය කියා තිබුනි.
මේ අතර, පොලිස් නිලධාරිනියකට ලිංගික අතවර කිරීමේ චෝදනාව මත පසුගිය දා මැදිරිගිරිය පොලිසියේ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන ඇති බව දිවයින වාර්තා කර තිබුනි.