පැමිණිල්ල භාර නොගෙන පොලිස් අධිකාරිගෙන් පියපුතු දෙපලට අමානුෂික ලෙස පහර දීමක්!

Kirinda Police toture

කිරින්ද පොලීසියට එරෙහිව වීරවිල පොලිස් අධිකාරිට කල ලිඛි පැමිණිල්ල භාර නොගෙන, පොලිස් අධිකාරි වීසින් කිරින්ද පොලිස් ස්ථානයට පියපුතු දෙපල කැඳවා අමානුෂික ලෙස පහර දෙයි.

ගවයකු සොරකම් කල බවට චෝදනා ලැබූ පුද්ගලයකු සොයා පැමිණුන කිරින්ද පොලිසියේ නිළධාරින් දෙදෙනකු විසින් අදාල පුද්ගලයා නිවසෙහි නොසිටි හෙයින් එම පුද්ගලයාගේ 17 හැවරිදි පුතාව ප්‍රාණ ඇපකරුවකු ලෙස අත්තඩංගුවට රැගෙන. ගව සොරකම පිලිබදව ප්‍රශ්න කරමින් මානසික අඩංකේට්ටම්කර, පැය 05කට ආසන්න කාලයක් සිරකුඩුවේ රදවා තබාගෙන හිද මුදා හැරීම සහ ඊට පසුව ද මෙම පුද්ගලයන් සොයා අදාල නිවසට පැමිණි පොලිස් නිළධාරින් දෙදෙනෙකු විසින් කාන්තාවන් දෙදෙනකු පසු වූ නිවස තුලට ඇතුළු වී, නිවස සෝදිසි  කරමින් කාන්තාවන්ට මානසික අඩංතේට්ටම් කර යෑමේ සිද්ධිය පිළිබදව පැමිණිල්ලක් කිරීමට වීරවිල පොලිස් අධිකාරි කාර්යාලය වෙත සිද්ධියට අදාල පියපුතු දෙපල ගොස් සිද්ධිය පිළිබදව වාචිකව ප්‍රකාශකරමින් ලිඛිත පැමිණිල්ල පොලිස් අධිකාරි වෙත භාර දුන්නත්, එය භාර ගැණිමකින් තොරව පසුදින උදෑසන කිරින්ද පොලීසියට පැමිණෙන ලෙස දන්වා පසුදින කිරින්ද පොලිසියට ගිය පියපුතු දෙපලට, සහකාර පොලිස් අධිකාරි විසින් පහත් නීච අන්ධමින් බැනවැදී සොරකමට අදාලව පාපොච්චාරණයක් ලබා ගැණීම සදහා කිරින්ද පොලිසිය හරහා අමානුෂික අන්දමින් පහරදීමක් සිදූකර ඇත.

මෙලෙස පහරකෑමට ලක්ව ඇත්තේ තිස්සමහාරාම, කිරින්ද සුදුගල පාර යන ලිපිණයේ පදිංචි 17 හැවරිදි හෙට්ටි ආරච්චිගේ ලහිරු තාරක නැමති අයෙකු හා ගව සෙරකමකට චෝදනා ලැබූ හෙට්ටි ආරච්චිගේ පුෂ්ප කුමාර යන පියපුතු දෙපල වේ.

මීට වසර 07කට පෙර ලහිරු තාරක විසින්  ගමේ පන්සල වූ සුදූගල වෙහෙර විහාරස්ථානයේ ලොකු හාමුදුරුවන් වූ කටුවන විමලරත්න හිමි සමග සමීප සම්බන්ධකම් පවත්වමින් එම පන්සලේම පසු වූ අයෙකි, ඒ අනුව මෙම පන්සලේ හාමුදූරැවො විසින් කුඩා එල ගව පැටියෙක් මොහුට දී ඇති අතර, එම ගව පැටියා  ලහිරු තාරක යන අයගේ දෙමා පියන් විසින් කන්න වතුර දී රැකබලාගෙන ලොකු මහත්කර  ඇත, මීට මාස කීපයකට පෙර හා ලොකු හාමුදූරුවන් අතර විරසක භාවයක් ඇති වී ලහිරු තාරුක විසින් පන්සලට යෑම මෙන්ම හාමුදූරුවන් සමග කථා කිරීමකින් තොරව පසුවී ඇත. එයට උරණ වූ හාමුදූරවො විසින් ලහිරු තාරුක වෙත ලබාදී  තිබු ගවයා මීට මාස දෙකකට පමණ පෙර ඉල්ලාගෙන ගොස් ගමේම පදිංචි වෙනත් පුද්ගලයකු වෙත ලබාදී ඇත. ඉන් අනතරුව මෙම ගවයා අතුරුදන් වී ඇති බව පවසමින් මෙම ගවයා ලහිරු තාරකගේ පියා වන පුෂ්ප.කුමාර විසින් රැගෙන යා ඇතැයි  ලොකු හාමුදූරුවො විසින් සැකකර පසුගියදා කිරින්ද පොලිසිය වෙත ගොස් පුෂ්ප කුමාරට එරෙහිව වාචිකව පැමිණිලි කර ඇත. ඒ අනුව කිරින්ද පොලිසිය විසින් පුස්ප කුමාරගේ නිවස වෙත ගොස් ඔහුව පොලිස් ස්ථානය වෙත රැගෙන ගොස් මෙම ගවයා දින දෙකක් තුල සොයා ගෙනත් දෙන ලෙස බලපෑම්කර මුදාහැර ඇත. ඒ අනුව පුෂ්ප කුමාර  විසින් දින දෙකක් මුලුල්ලේ මෙම ගවයා කොහිද කියා ගමේ මෙන්ම අවට ගම්දනව්වල සෙව්වත් සොයා ගැණිමට නොහැකි වූ හෙයින් මොහු විසින් අදාල පොලිසිය වෙත ගොස් ගවයා සොයා ගැණිමට නොහැකි වූ බව පවසා ඇත.

ඉන් අනතරුවද දින කීපයකට පසු කිරින්ද පොලිසියේ නිලධාරින් දෙදෙනකු විසින් පුස්ප කුමාර සොයා ඔහුගේ නිවස වෙත ගොස් ඇතත් ඔහු එදින කුලී වැඩක් සදහා නිවසින් පිටව ගොස් ඇති බව 17 හැවරිදි පුෂ්ප කුමාරගේ පූතා වූ ලහිරු තාරක විසින් මෙම පොලිස් නිලදාරින්ට පවසා ඇති අතර, එසේනම් තාත්ත වෙනුවට උඹ යමං කියා මෙම 17 හැවරිදි ලහිරු තාරක යන අයව කිරින්ද පොලිස් ස්ථානය වෙත රැගෙන ගොස්, මෙම ගවයා පිලිබදව විමසමින් මානසික අඩංතේට්ටම් කරමින් සිර කුඩුවෙ පැය පහකට ආසන්න කාලයක් රදවා තබාගෙන හිද පසුව නිදහස්කර ඇත.

ඉන් අනතුරුවද පසු ගියදා (05දා) පුෂ්ප කුමාරව. සොයාගෙන කිරින්ද පොලිසියේ නිළධාරින් දෙදෙනකු පැමිණ ඇති අතර, එම අවශ්ථාවේ මෙම නිවසෙහි පසුවී ඇත්තේ කුමාරගේ බිරිද හා 14 හැවරිදි දියණිය පමණි, මෙම නිළදාරින් පැමිණෙන අවශ්ථාවේ මෙම දියණිය දියනෑමට යෑම සදහා රෙදි කඩක් ඇගේ තවරාගෙන සිටින අවශ්ථාවේ මෙම නිළධාරින් එක්වරම මෙම කුඩා නිවස තුලට ඇතුළු වී නිවසතුල පරික්ෂා කර, කුමාර කොහිද යනුවෙන් විමසා හැන්දෑවට පොලිසියට පැමිණෙන ලෙස දන්වා බැන තර්ජනයකර ගොස් ඇත. එම අවශ්ථාවේ මෙම දියණිය අධික ලෙස බියටපත්ව ඇත. ඒ අනුව පුෂ්ප කුමාර හා ඔහුගේ පුතා. වන ලහිරු තාරක මෙම සිද්ධිය පිලිබදව ලිඛිත පැමිණිල්ලක් සකසාගෙන, වීරවිල පොලිස් අධිකාරි හමුවට එදින පස්වරු කාලයේ යනු ලැබුවේ සහකාර පොලිස් අධිකාරිට මෙම අවනඩුව කියා එතුමාගෙන් සහාය ඇතිව නිදහසේ ජීවත් වීමට හැකි පරිසරයක් නිර්මාණය කර ගැණිමේ අරමුනින් වේ.

නමුත් සහකාර පොලිස් අධිකාරි විසින් මොවුන්ගේ වාචික ප්‍රකාශයට සවන්දී, ලිඛිත පැමිණිල්ල භාර ගැණිමකින් තොරව හෙට උදෑසන කිරින්ද පොලිසියට පියපුතු දෙපලට පැමිණෙන ලෙස දන්වා  (6 දා)උදෑසන සහකාර පොලිස් අධිකාරි මෙන්ම පියපුතු දෙපලද පොලිසියට පැමිණ ඇති අතර, සහකාර පොලිස් අධිකාරි වීරවිල විසින් මෙම පියපුතු දෙපලට ඉතාමත් පහත් නීච අන්ධමින් බැන වැදී, පියපුතු දෙපල රැගෙන ගව සොරකම පිලිබද ප්‍රශ්ණකරන අතරතුර කිරින්ද පොලිසියේ නිලදාරින් විසින් පුස්ප කුමාරට මෙන්ම ලහිරු තාරකට පහරදී සොරකමෙහි වගකීම භාරගන්නා ලෙසට තර්ජනය කර ඇති අතර, මෙම ගව සොරකම කල බවට පාපොච්චාරණයක් ලබා ගැණීම සදහා මෙම පුද්ගලයන්ට කිරින්ද පොලිසියේ නිලදාරින් විසින් අමාණුෂික අන්ධමින් පහරදී ඇත.

පොලිසිය විසින් රටේ නීතිය සහ සාමය මෙන්ම මහජනතාව ආරක්ෂා කිරීමේ දී විශේෂයෙන්ම අපරාධකරුවන් සම්බන්දයෙන් බලය පාවිච්චි කිරීමට සිදූවන අතර, එයද කල හැකි වන්නේ නීතිමය ලෙස ඔවුන් වෙත පවරා ඇති බලය පාවිච්චි කිරීමේ බලතල යටතේය. ඒ අනුව හිතුමතේ බලය පාවිච්චි කිරීමට පොලීසියට හැකියාවක් නැත. තම පියා වෙනුවට පුතාව පොලිසිය විසින් රැගෙන ඇත්තේ ප්‍රාණ ඇපකරුවකු ලෙසය. එය නීති විරෝධි සේම එම පුද්ගලයාගේ මුලික අයිතිවාසිකම් කඩ කිරීමකි.එමෙන්ම පැමිණිලි ඉදිරිපත් කිරීම සදහා පොලිස් ස්ථාන වෙත පැමිණෙන පාර්ශවයන්ගේ පැමිණිලි භාර නොගෙන ප්‍රථික්ෂේප කල බවට වාර්තා වුවහොත් ඊට අදාලව වගකිවයුතු නිලධාරියාට සහ මුලස්ථාන පොලිස් පරික්ෂකට හෝ ස්තානාධිපතිවරයාට එරෙහිව විනය ක්‍රියා මාර්ග ගන්නා බව වැඩ බලන පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසුරිය මහතා පසුගියදා ප්‍රකාශ කරමින් අදාල චක්‍ර ලේඛණය මෙම උසස් පොලිස් නිලධාරි මහතා අතටද පත් කර තිබියදීද, ඒ පිලිබදව අවධානයකින් තොරව අගතියට පත් එකී පුද්ගලයන්ගේ පැමිණිල්ල භාර ගැණිමකින් තොරව කටයුතු කිරීම නීති විරෝධි වේ. එමෙන්ම මෙම ගව සොරකමේ වගකීම භාර ගන්නා ලෙසට තර්ජනය කර කෘර අමාණුෂික අන්ධමින් පහරදීම නීති විරෝධි සේමදඩුවම් කල යුතු වරදකි, ඒ අනුව සිද්ධියට අදාලව අගතියටපත් වූ පියපුතු දෙපලට යුක්තිය ඉටුකිරීම වෙනුවෙන් හම්බන්තොට හා තිස්සමහාරාම යන මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානවල අවධානය යොමුකර ඇති අතර, මේ වනවිට පොලිස්පති. පොලිස් කොමිෂම, මානව හිමිකම් කොමිෂම හා වගකිවයුතු සියළු ආයථන වෙත ඔවුන්ට යුක්තිය හා සාධාරණ නීතිය ක්‍රියාත්මක කර දෙන ලෙසට ඉල්ලා පෙර සිද්ධිවලට අදාලව ලිකිතව පැමිණිලි කර ඇත.

සටහන-

තරංග එල්. පටබැදි.

 

Social Sharing
අවකාශය නවතම