මාලිම්බඩ පොලීසිය මීට සිව් වසරකට පෙර තරුණයෙක් අත්අඩංගුවට කෘර හා අමානුෂික ලෙස පහරදුන් බව කියන පොලිස් පරීක්ෂකවරුන් ඇතුළු හතර දෙනෙකු අත්අඩංගුවට ගෙන මාතර මහාධිකරණයේදී අධිචෝදනා භාර දී දැඩි ඇප කොන්දේසි මත මුදා හැර ලබන 28දා යලි කැදවීමට මහාධිකරණ විනිසුරුවරයා පොලීසියට නියෝග කොට තිබෙනවා.
ඒ තෙලිජවිල ප්‍රදේශයේ මංකොල්ලකෑමක් කර ඇති බවට වැරදි ඔත්තුවකට දිල්ෂාන් මදුෂංක නැමති 27 හැවිරිදි තරුණයෙක් මාලිම්බඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන කෘර ලෙස පහරදී දින හයක් මාලිම්බඩ හා මාතර පොලීසියේ රදවාගෙන තිබීම හේතුවෙන්.
සැකකරුවෝ වෙනුවෙන් හිටපු නීතිපති සංජය රාජරත්නම් අතුළු සිව් දෙනෙකු පෙනීසිට ඇතැයි මාතර මහාධිකරණය පවසනවා.
වසර හතරක් තිස්සේ විභාගයට නොගෙන නීතිපති දෙපාර්මේන්තුවේ තිබූ නඩු ගොනුව යලි විභාගයට ගැනීමට අවශ්‍ය උපදෙස් දුන් නව රජයේ ජනාධිපති අනුර කුමාර දිසානායක, ජනාධිපති ලේකම්වරයා ප්‍රධාන ජනාධිපති ලේකම් කාර්යාලයට සහ ඊට සහාය වූ සැමටත් වින්දිතයෝ ස්තුති පූර්වක සතුට ප්‍රකාශ කරති.
වැරදුණු උණ්ඩයට බිලි වී මියගිය අලුත්ගමගේ මින්දික අහිංසක තරුණයාගේ ඝාතනය සම්බන්ධයෙන්ද කිසිවෙකුත් අත්අඩංගුවට නොගැනීම ගැනත්, නඩුකරය වෙනුවෙන් හිටපු නීතිපති සංජය රාජරත්නම් ඇතුළු සිව්දෙනෙකු පෙනීසිටීමට ගැනත් සමාජයේ දැඩි කතාබහක් නිර්මාණය වෙමින් තිබෙනවා.
මේ අයුරින් මාතර මහාධිකරණ විනිසුරු ඒ.එම්.එන්.පී. අමරසිංහ මහතා විසින් රුපියල් 25000ක මුදල් ඇප හා දැඩි ඇප කොන්දේසි නියම කල සැකකරුවන් වන
මාලිම්බඩ හිටපු ස්ථානාධිපති වත්මන් තංගල්ල අපරාධ විමර්ශන කොට්ඨාසයේ ස්ථානාධිපති මාතර දෙයියන්දර පදිංචි ප්‍රධාන පොලිස් පරීක්ෂක පී.කේ.චන්ද්‍ර ජයවික්‍රම,
එවකට මාතර පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති දික්වැල්ල හිරිකැටිය පදිංචි වීරකැටිය පොලීස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නුවන් බුද්ධික ව්ජේතුංග,
මාලිම්බඩ පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ හිටපු ස්ථානාධිපති , වත්මන් කඹුරුපිටිය පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති තිහගොඩ, කපුදූව පදිංචි පොලිස් පරීක්ෂක සමන්ත විජේසේකර හා මාලිම්බඩ පොලීසියේ සේවය කළ පාලටුව, මාලිම්බඩ පදිංචි සමන් ජයවර්ධන යන සිව් දෙනාට එරෙහිව වීම විශේෂත්වයකි.
තමන් ලැබූ බිහිසුණු අත්දැකීම හා තමා යැයි රැවටී නයින් එම් වර්ගයේ පිස්තෝල ගිණි අවියකින් උණ්ඩ හතක් එල්ල කොට මරා දැමූ මින්දික අලුත්ගමගේ තරුණයාට ද මේ රජයයේ වත්මන් නීතිය ක්‍රියාත්මක වනු ඇතැයි දිල්ෂාන් මදුෂංකගේ මව වන රූපා පතිරණගේ මහත්මිය ද මාධ්‍ය හමුවේ පැවැසුවාය.
සටහන : ප්‍රියන්ත දසනායක | අකුරැස්ස