ඌරුමස් හා බීර උසාවියට යද්දී කසිප්පු වෙයි!

චතුරිකා සඳමාලි ඉකුත් ජනවාරි 24 වන දා සවස ඇයගේ බාල සොහොයුරියගේ නිවසට යෑමට පිටත් වී ඇති අතර එම අවස්ථාවේ ‌නිවසේ සිට ඇත්තේ ඔහුගේ පුතා පමණි. එම අවස්ථාවේ ඇයගේ පුතා දුරකථන ඇමතුමක් දී පවසා ඇත්තේ වැලිපැන්න පොලිසියෙන් නිවසට පැමිණ ඇති බවත් ඉතා ඉක්මනින් නැවත නිවසට පැමිණෙන ලෙසයි. ඇය නැවත නිවසට පැමිණෙන විට වැලිපැන්න පොලිසියේ නිලධාරියෙක් ඇතුළු තිදෙනෙක් සිවිල් ඇදුමෙන් පැමිණ සිට ඇති අතර එහි සිටි පුද්ගලයන් දෙදෙනෙකුට මාංචු දමා තිබිණි.

එම අවස්ථාවේදී ඇයගේ අල්මාරියෙ හි රෙදි බිම දමා තිබි ඇති අතර ගෙදර ද බඩු ඇද දමා තිබුණි. නිවසේ ඇද යට තිබු බීර බෝතල් ද ගෙන ත්‍රී රෝද රථයට දමාගෙන ඇති අතර ශීතකරණය තුළ තිබී ඌරු මාංශ ද පොලිසියෙන් ගෙන ත්‍රීරෝද රථයට දමාගෙන තිබේ.

පසුව එක් නිලධාරියෙකු චතුරිකා හට පොලිසියට පැමිණෙන ලෙස පවසා ඇති අතර ඇය පොලීසිය වෙත ගිය අවස්ථාවේ ඇයව පොලිස් ස්ථානයේ පසුපස කාමරයකට රැගෙන ගොස් ඇති අතර ඇයට පොලීසියට පැමිණෙන ලෙස පැවසු නිලධාරියා මැයට පවසා ඇත්තේ උදව්වක් කර හැකි දැයි අසා ඇත. එවිට ඇය උදව්ව කුමක් ද යැයි ඇසූ විට “බාබා දන්නේම නැහැ සල්ලි ටිකක් ඕනෑ” යැයි පවසන ලදි. ඇයට නඩු දැමීමක් සිදු කරනවා ද යන්න විමසූ විට නඩුවක් දමන්න වෙන බව ඔහු පවසා ඇත. පසුව ඇය පවසා ඇත්තේ නඩු දමනවා නම් මුදල් ලබා දීමක් සිදු කළ නොහැකි බවකි.

ඇය දුරකථන ඇමතුමක් ලබා දී ඇයගේ ඥාතියෙකුව පොලිසියට ගෙන්වා ගෙන ඇති අතර රාත්‍රි 11.00 ට පමණ ඇයට ඇප හිමි වී ඇත. 28 වන දා ඇයට උසාවිය පැමිණෙන ලෙස දන්වා ඇති අතර ඇයට ගොනු කර ඇති චෝදනාව සම්බන්ධයෙන් විමසූ අවස්ථාවේ තවමත් චෝදනාව ගොනු කර නොමැති බවත් ස්ථානාධිපති පැමිණීමෙන් පසු චෝදනාව ගොනු කරන බවත් පවසා ඇත.

පසුදින මැය පොලිස් ස්ථානයට දුරකථන ඇමතුමක් ලබා දී ගොනුකරන ලද චෝදනාව පිළිබඳ විමසා ඇති අතර ඇයට ගොනු කරන ලද චෝදනාව විමසුවත් පිළිතුරක් නොලැබුණු නිසාවෙන් වෙනත් පොලිස් නිලධාරියෙකුට අමතා ඇයට ගොනු කර ඇති චෝදනාව පිළිබඳ විමසා ඇති අතර එහිදී ඇයට දැනගන්නට ලැබී ඇත්තේ නීතිවිරෝධී අනවසර මත්පැන් (කසිප්පු) බෝතල් 10කට නඩු දමා ඇති බවත් ය.

27 වන දින උදෑසන සහාකාර පොලිස් අධිකාරී හමුවීමට කටුකුරුන්ද පොලිස් අධිකාරී කාර්යයාලයට ගොස් ඇති අතර ඇය සහකාර පොලිස් අධිකාරීවරයාට සිද්ධිය පැහැදිලි කර ඇති අතර එම අවස්ථාවේ ස්ථානාධිපතිවරයාට දුරකථනයෙන් අමතා ඇගේ පැමිණිල්ල පිළිබදව විමසා ඇති අතර එහිදි ස්ථානාධිපතිවරයාට පොලිස් නිලධාරියා පවසා ඇත්තේ ඔවුන් බීර හා මාංශ නොගෙන ආ බවත් මෙම පුද්ගලයන් අනවසර මත්පැන් විකුණන අය බවත් ය.
28 උදෑසන ඇය අධිකරණයට ගිය අවස්ථාවේදී ඇයට නීතිවිරෝධී මත්පැන් බෝතල් 10ක් ළග තබාගත් බවට චෝදනා කර නඩු දමා තිබුණි. එහිදී ඇය නිවැරදිකරු බව පවසා ඇප මත නිදහස් වී ඇති අතර ඇයගේ නිවසේ සිටි අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනාටද නීති විරෝධී මත්පැන් බෝතලය බැගින් තබාගත් බවට නඩු දමා තිබුණු අතර ඔවුන් එම චෝදනාව පිළිගෙන දඩය ගෙවා දමා ඇත.

එදින සවස චතුරිකා සහ අත්අඩංගුවට ගත් අනෙක් දෙදෙනා සමඟ සවස 6.00ට පමණ ස්ථානාධිපතිවරයා හමුවීමට ගොස් ඇති අතර එහිදී ඇයගේ නිවසින් බීර හා මාංශ රැගෙන ගිය බවත් අත්අඩංගුවට ගත් අනෙක් දෙදෙනා කසිප්පු බොතලයක් ගෙන එමින් සිටිය දී පොලිසිය පැමිණෙනවා දුටු ඔවුන් චතුරිකාගේ නිවසට ඇතුළත් වූ බවත් ඉන්පසු අත්අඩංගුවට ගත් බවත් දෙදෙනොටම නිති විරෝධි මත්පැන් බෝතල් දෙකක් දමා නඩු දෙකක් දැමු බවත් එහිදී ප්‍රකාශ කර ඇත.

එම අවස්ථාවේ ස්ථානාධිපතිවරයා ඔවුන්ගෙන් වැරැද්දක් ඇති සිදු වී ඇති බවත් පසු දින උදෑසන සහකාර පොලිස් අධිකාරිවරයාව හමුවන ලෙස පවසා ඇත. පසුදින සහකාර පොලිස් අධිකාරී කාර්යයාලයේ නිලධාරිනියක් ඔහුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවට වාර්තා වේ.
ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මාධ්‍ය ස්ථානය විසින් මානව හිමිකම් කොමිෂන් සභාවට හා පොලිස් කොමිෂන් සභාවට, හා නීතිපති දෙපාර්තමේන්තුවට පැමිණිළි කර ඇත.

මෙවැනි සිද්ධීන් සම්බන්ධයෙන් නීති ආධාර ලබා ගැනීම සඳහා ඔබටත් ප්‍රාදේශීය මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථාන සමඟ සම්බන්ධ විය හැකි අතර නැතහොත් අපගේ ප්‍රධාන කාර්‍යාලයට පැමිණිළි ඉදිරිපත් කළ හැක.

රයිට් ටු ලයිෆ් මානව හිමිකම් ආයතනය
0112-669100
සටහන – චේතනා ගෝමිස්

Social Sharing
නවතම පුවත්