අනුර උතුරට ගියාම උතුරේ අම්මල අඬනවා. ගොඩක් වෙලාවට එයාලට සිංහල මිනිහෙක් හම්බුඋණේ නැහැ මෙච්චර කල් එයාලගේ දුක කියන්න. මුණ ගැහෙන්න. මුණගැහිලා අඬන්න.
අඬන්න ඇති අයිතිය කියල මම මේක කලිනුත් ලිව්වා. දශක ගණනක් එයාල යම් වේදනාවක් උහුලාගෙන ඉඳල තියනවා. ඒක අහන්න කෙනෙක් තමයි හිටියේ නැත්තේ.
යුද්දේ ඉවර උනාට තවමත් ඒ වේදනාව එයාල ඇතුලේ දෝංකාර දෙනවා. අපි දකුණෙන් ඒ කඳුළු ගැන සංවේදී නායකයෙක් බිහිකළේ නැහැ. අන්තිමට කෘතීම විදියට හරි ඒකත් බිහිවුණේ යුද්දේ වෙනුවෙන් තමන්ගේ සියලු මතවාදය කැපකළ ජනතා විමුක්ති පෙරමුණෙන්.
දකුණට කොච්චර බොරු කිව්වා උනත් අනුර උතුරේ ජනප්රියබව පවත්වාගෙන යනවා. වැඩිය මොනවත් කළේ නැහැ. පාරක් දෙකක් ඇරිය. ටෝක් එකක් දෙකක් ඉෂූ කළා. එච්චරයි. දේශපාලනය කියන්නේ ඒකට තමයි.
ඒ ටෝක් අතරින් වැඩියෙන්ම උතුරේ නැගල යන්න ඇත්තේ මහින්දගේ ආරක්ෂාව අඩුකරනවා කිව්ව එක වෙන්න ඇති. හිතුනොත් ඉතුරු ආරක්ෂකයෝ හැටත් අයින් කරනවා කිව්ව එකට තවත් ලකුණු වැටෙන්න ඇති. ඇත්තටම ‘හිතුනදෙයක්’ කරන්න විධායක බලයක් එයාට ජේආර් දීල තියනවා.
ගිය සතියේ මහින්දට රිදෙන්න ටෝක් එකක් දකුණට දුන්න. මේ සතියේ උතුරේ ගියා. උතුරේ මිනිස්සු මිනිස්සු උම්මා දුන්න. ඒවා තමයි පොලිටික්ස් කියන්නේ. අනික් අයත් ඉගෙනගන්න…