ඇමරිකානු නව ජනාධිපති ඩොල්ඩ් ට්‍රම්ප් ගේ විධායක නියෝග පරිදි ඇමරිකාව තුළ නිති විරෝධී ලෙස රැදී සිටින ලක්ෂ පහලොවකට ආසන්න විදේශිකයින් පිරිසක් ඇමරිකාවෙන් වහාම ඉවත් කිරීමට සැලසුම් කර තිබේ. මේ පිරිස අතරට ශ්‍රී ලංකිකයින් 3065 දෙනෙකු සිටින බව අද විදේස් මාධ්‍ය වාර්තා කර තිබුනි.
මේ අතර, ඇමරිකාව විසින් ගනු ලබන මෙම ක්‍රියාමාර්ග සදහා සහාය නොදක්වන රාජ්‍යයන් පිළිබදව වාර්තාවක් ද ඇමරිකාව විසින් සකස් කර ඇති නමුත්, එම ලයිස්තුවට ශ්‍රී ලංකාව ඇතුලත්ව නොමැත.
එමෙන්ම, අමෙරිකාවෙන් පිටුවහල් කරන ලද සංක්‍රමණකයින් 30,000ක් රඳවා තබා ගත හැකි වන පරිදි රැඳවුම් මධ්‍යස්ථානයක් ස්ථාපනය කරන්නැයි ජනාධිපති ඩොනලඩ් ට්‍රම්ප් නියෝග කර ඇති බවත් වාර්තා වේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එම මධ්‍යස්ථානය කියුබාවේ ග්වාන්තනාමෝ බොක්ක ආශ්රිව ඇති අමෙරිකානු නාවික හමුදා කඳවුර තුළ ස්ථාපිත කරන ලෙසට උපදෙස් දී ඇති බවයි.
ඇමරිකාවෙන් ඉවත් කිරීමට නියමිත නීති විරෝධී සංක්රමනිකයින්ගේ අවසාන ලයිස්තුව ඇමරිකාවේ සංක්‍රමණික සහ රේගු බලාධිකාරිය විසින් ප්‍රසිද්ධ කර තිබේ.