ලොහාන් රත්වත්තේට එරෙහි නඩුව අප්‍රේල් 24 තෙක් කල්තබයි..

හිටපු ඇමැති ලොහාන් රත්වත්තේ මහතා රාත්‍රී කාලයේ දී බීමත්ව අනු­රා­ධ­පුර බන්ධ­නා­ග­ර­යට ඇතුළු වී දමිළ ජාතික රැඳ­වි­ය­කුගේ නළ­ලට පිස්තෝ­ල­යක් තබා සාප­රාධි බිය වැද්දී­මක් කළැයි කියන සිද්ධි­යට අදාළ නඩුව ලබන අප්‍රේල් මස 24 වැනිදා තෙක් කල් තැබී­මට අනු­රා­ධ­පුර වැඩ බලන මහේ­ස්ත්‍රාත් නදී ආකාශ් කුරේරා මහ­ත්මිය ඊයේ (30) නියෝග කළාය.

මෙම සිද්ධිය සම්බ­න්ධ­යෙන් බන්ධ­නා­ගාර දෙපා­ර්ත­මේ­න්තුව මඟින් පවත්වා ඇති විම­ර්ශ­නයේ වාර්තාව බන්ධ­නා­ගා­රය, අධි­ක­ර­ණ­යට ඊයේ (30) ඉදි­රි­පත් කළේය.

මෙම නඩුව ඊයේ (30) අධි­ක­ර­ණය හමුවේ කැඳවූ අව­ස්ථා­වේදී හිටපු ඇමැති ලොහාන් එවින්ද රත්වත්තේ විවෘත අධි­ක­ර­ණයේ පෙනී සිටි­යේය.

මෙම සිද්ධිය සම්බ­න්ධ­යෙන් කොළඔ අප­රාධ කොට්ඨා­සය මූලික කරුණු දැක්වී­ම්ව­ලදී අධි­ක­ර­ණ­යට කරුණු ඉදි­රි­පත් කර තිබුණේ පසු­ගිය 2021 වසරේ සැප්තැ­ම්බර් මස 12 වැනි දින හෝ ඊට ආසන්න දින­යක සැක­කරු අනු­රා­ධ­පුර බන්ධ­නා­ගා­ර­යට ගොස් එහි රඳවා සිටි පුබා­ර­සිං­හන් සූරි­ය­පා­ලන් යන අයට ගිනි අවි­යක් එල්ල කර වෙඩි තබා මරා දැමී­මට හැකි බව පව­ස­මින් සාප­රාධී බිය­වැ­ද්දී­මක් කර ලංකා දණ්ඩ නීති සංග්‍ර­හයේ 183 වග­න්ති­ය­ප්‍ර­කා­රව ප්‍රමා­ණ­වත් සාක්ෂි අනා­ව­ර­ණය වන බවට නීති­ප­ති­ව­රයා දැනුම් දී ඇති බවයි.

දිනමිණ

 

Social Sharing
නවතම පුවත්