මේ වනවිට 97 වැනි වියෙහි පසුවන සම්මානනීය ප්‍රවීණ රංගවේදිනීයක් වන අයිරාංගනී සේරසිංහ මහත්මියට උපහාර පිදීමේ උත්සවයක් පසුගිය ජනවාරි 28 වන දා කොළඹ, ඇතුල්කෝට්ටේ පිහිටි ඇයගේ නිවසේ දී පැවත් විය.
කොළඹ විශ්වවිද්‍යාලය බිහි කළ (කොළඹ මණ්ඩපය) විද්‍යාර්ථීන් අතර ජීවමානව සිටින පැරණිතම විද්‍යාර්ථිනිය ලෙසත්, දශක ගණනාවක් පුරාවට ඇය විසින් ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්රයට සිදු කරන ලද අප්‍රමාණ සේවය උදෙසා මෙම උපහාර උපහාර පිදීමේ උලෙළ කොළඹ විශ්වවිද්‍යාලය, ආදී විද්යාථීන්ගේ සංවිධානය හා කලා මණ්ඩලය එක්ව සංවිධානය කර තිබුනි.
අයිරාංගනී සේරසිංහ මහත්මියගේ ප්‍රථම සිනමා නිර්මාණය වන ‘සංදේශය’ මාර්තු මස 11 වැනි දින සවස 2.30ට නව කලාගාරයේදී ප්‍රදර්ශනය කිරීමට සැලසුම්කර ඇති බවද වාර්තා වේ.