අයි­රාං­ගනී සේර­සිංහ උපහාරයට

මේ වන­විට 97 වැනි වියෙහි පසු­වන සම්මා­න­නීය ප්‍රවීණ රංග­වේ­දිනීයක් වන අයි­රාං­ගනී සේර­සිංහ මහත්මියට උපහාර පිදීමේ උත්සවයක් පසුගිය ජනවාරි 28 වන දා කොළඹ, ඇතුල්කෝට්ටේ පිහිටි ඇයගේ නිවසේ දී පැවත් විය.

කොළඹ විශ්ව­වි­ද්‍යා­ලය බිහි කළ (කොළඹ මණ්ඩ­පය) විද්‍යා­ර්ථීන් අතර ජීව­මා­නව සිටින පැර­ණි­තම විද්‍යාර්ථි­නිය ලෙසත්, දශක ගණ­නා­වක් පුරා­වට ඇය විසින් ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍ර­යට සිදු කරන ලද අප්‍ර­මාණ සේවය උදෙසා මෙම උපහාර උප­හාර පිදීමේ උලෙ­ළ කොළඹ විශ්වවිද්‍යාලය, ආදී විද්‍යා­ථීන්ගේ සංවි­ධා­නය හා කලා මණ්ඩ­ලය එක්ව සංවිධානය කර තිබුනි.

අයි­රාං­ගනී සේර­සිංහ මහත්මියගේ ප්‍රථම සිනමා නිර්මා­ණය වන ‘සංදේ­ශය’ මාර්තු මස 11 වැනි දින සවස 2.30ට නව කලා­ගා­ර­යේදී ප්‍රද­ර්ශ­නය කිරී­මට සැලසුම්කර ඇති බවද වාර්තා වේ.

 

Social Sharing
නවතම පුවත්