ඩේවිඩ් ලින්ච්ගේ සිනමාව සොයා යෑම …

David Lynch: the style of the director and his films in fashion

“If you are interested in world cinema, David Lynch is a name you cannot avoid..” (විශ්ව සිනමාව ඇසුරු කරන්නෙකුට ඩේවිඩ් ලින්ච් මගහැර ගත නොහැක.) යන උද්ධෘතයෙන් ඩේයිඩ් ලින්ච් ප්‍රත්‍යවලෝකන සිනමා උලෙළ (Retrospective Film Festival) එළඹෙන ජනවාරි 30 වැනිදා තරංගනී චිත්‍රපට ශාලාවේදී  පැවැත්වීමට ජාතික චිත්‍රපට සංස්ථාව පියවර ගෙන තිබේ.

ඒ අනුව එදින පෙරවරු 10ට Lost Highway (1997), පස්වරු 01ට Inland Empire (2006), පස්වරු 5ට Drive (2001) යන චිත්‍රපට තිරගත කෙරේ.
ඇතුළු වීම නොමිලේ මෙම සිනමා දැක්ම සිදු කෙරෙන අතර මීට අමතරව ජනවාරි 31 ඩේවිඩි ලින්ච් අධ්‍යාපනික වැඩමුළුව – Masterclass පෙරවරු 09 සිට පස්වරු 06 දක්වා පැවැත්වීමට කටයුතු යෝදා ඇත.
සීමිත පිරිසක් වෙනුවෙන් සියල්ල සුදානම් කර ඇති මෙම සිනමා අත්දැකීම ‘පළමු වැන්නාට පළමු සංග්‍රහය’ යන අනුපිළිවෙළින් සිදු කෙරේ.

Blue Velvet, Lost Highway, Mulholland Drive, Inland Empire, The Straight Story, Dune වැනි අග්‍රගණ්‍ය  සිනමා කෘති රැසක් අධ්‍යක්ෂණය කළ ඩේවිඩ් ලින්ච් ඇමරිකානු චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක්, සංගීතඥයෙක් මෙන්ම නළුවෙක්  ද වේ.

ඩේවිඩ් ලින්ච් ගේ The Elephant Man චිත්‍රපටය ඔස්කාර් සම්මාන 8කට නිර්දේශ වී තිබෙනවා.ලින්ච්ගේ අධ්‍යක්ෂණයෙන්, 1990 වසරේදී නිකුත් වුණු Twin Peaks ටෙලි කතා මාලාවටද සම්මාන රැසක් හිමි වුණා. 2025 ජනවාරි මස  15 වන දින ලින්ච් මිය යන අතර ඒ වන විට ඔහුගේ වයස අවුරුදු 78 කි.

ලින්ච් මහ හැර යා නොහැකි සිනමාකරුවෙක් වනවා සේම ඔහුගේ සිනමාව ද මගහැර නොගන්න !

Social Sharing
අවකාශය නවතම පුවත් විශේෂාංග