සුනඛයකු එල්ලා මැරූ මුලතිව්හි සමථ මණ්ඩල නිලධාරියෝ

මුලතිව් දිස්ත්‍රික්කයේ සමථ මණ්ඩලයක් විසින් සුනඛයකු එල්ලා මැරු සිද්ධියක් වාර්තා වේ. ඒ අනුව මුලතිව් දිස්ත්‍රික්කයේ ඔඩ්ඩුසුඩාන්හි සමථ මණ්ඩලයක් විසින් එළුවෙකු සපා කෑ සුනඛයකු එල්ලා මැරීමට තීන්දුවක් මෙලෙස නිකුත් කර ඇති බව සත්ව සුභසාධන සන්ධානය (AWC) අනාවරණය කරයි.

මෙම සිද්ධිය සමන්ධයෙන් AWC විධායක කමිටු සාමාජික වෛද්‍ය චමිත් නානායක්කාර සිද්ධිය පිළිබඳව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාරට ලිපියක් යවා ඇති බවයි.

මෙලෙසින් සුනඛයකු මැරිමට තීරණය වී ඇත්තේ පවුල් දෙකක් අතර සිදු වූ ගැටුමක් නිසාවෙන් වන අතර එම ගැටුමට විසඳුමක් ලෙස ඔඩ්ඩුසුඩාන්හි සමථ මණ්ඩලය විසින් සුනඛයා එල්ලා මැරීමට නියෝගයක් නිකුත් කර ඇති බව වාර්තා වේ. මෙහිදි එක් පවුලකට අයත් සුනඛයකු තවත් පවුලකට අයත් එළුවෙකු සපා කෑමෙන් මෙලෙස පවුල් දෙක අතර ගැටුමක් හටගෙන ඇත. මෙම ගැටුම සමථ මණ්ඩලයට ඉදිරිපත් කර ඇති අතර එහිදී මැදිහත්කරුවන් තිදෙනෙකු සුනඛයා එල්ලා මැරීමට තීරණය කර ඇති අතර සුනඛයාගේ හිමි පවුලට එම ක්‍රියාව පිළිබඳ ඡායාරූප සාක්ෂි ලබාදෙන ලෙස උපදෙස්දී ඇත.

වෛද්‍ය චමිත් නානායක්කාර පවසන ආකාරයට නියෝගය ලද පවුල මෙම නියෝගය මත ක්‍රියා කළ බවත් ඒ අනුව එම සුනඛයා එල්ලා මැරීමේ අමානුෂික ක්‍රියාව සිදුකළ බවත්ය. එවැනි නියෝගයක් නිකුත් කිරීම සදාචාරාත්මක හා නීතිමය මූලධර්ම දෙකම උල්ලංඝනය කිරීමක් බව AWC විශ්වාස කරයි.

Social Sharing
නවතම පුවත්