වතුකරයේ ජනතාව හැදුන්වීමට සියවස් දෙකක කාලයක සිට භාවිත කළ වතු යන නාමය වෙනුවට උඩරට (මලෛගම්) යන නාමය භාවිතා කිරීමට රජය තීරණය කළ බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප් මහතා පැවසුවේය.
රත්නපුර කරපිංච ශාන්ත ජෝකිම් දෙමළ මහා විද්‍යාලයේ පැවති 2025 සබරගමු පළාත් තෛපොන්ගල් උත්සවයට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ.
ලංකාවේ කදුකර ප්‍රදේශවල තේ වගා කටයුතු සදහා ඉන්දියාවෙන් මීට වසර දෙසිකට පමණ පෙර පැමිණි දෙමළ භාෂාව කතා කරන ජනතාව වතු ජනතාව ලෙස හදුන්වනු ලබයි. අධිරාජ්‍යවාදීන් මේ ජනතාවට පොදු පහසුකම් ලබාදුන්නේ ඉතාම අවම වශයෙනි.
උතුරු නැගෙනහිර දෙමළ ජනතාව සමග ඔවුන් එකතුවීමට කැමැත්තක් නැත. වසර ගණනාවක සිට තමන් වතු ජනතාව ලෙස පිළිනොගන්නා ලෙසත්, උඩරට දමිළ හෙවත් මලෛගම් ලෙස පිළිගන්නා ලෙසත් රජ්‍ය නොවන සංවිධාන හරහා පැවති රජයන්ගෙන් ඉල්ලීම් කර තිබුණි. ඔවුන් ශ්‍රී ලාංකික දෙමළ ලෙස පිළිගැනීමට ද එකඟ නොවේ.
සිංහලයන් අතර උඩරට සිංහල ලෙස පිළිගැනීමක් ඇති නිසා තමන්ටද උඩරට දෙමළ ලෙස පිළිගන්නා ලෙස ඉල්ලා සිටිති. උඩරට දෙමළ යන්න දෙමළ බසින් හදුන්වන්නේ මලෛගම් යනුවෙනි.
ශ්‍රී ලංකාවේ ව වතු දෙමළ ජනයාගේ අනන්‍යතාවය සහ ඔවුන්ගේ අයිතිවාසික විකාශනය වූ ආකාරය පිළිබඳ විමසුමයි මේ.
බ්‍රිතාන්‍ය යටත් විජිත පාලකයින් විසින් 19 වැනි සහ 20 වැනි ශත වර්ෂවලදී ඉන්දියාවෙන් ගෙන එන ලද වතු කම්කරුවන්ගෙන් යුත් සෑහෙන දෙමළ ජනගහනයක් මධ්‍යම පලාතේ වතු ආශ්‍රිතව වෙසෙති. ඉන්දියන් දෙමළ හෝ වතු දෙමළ යනුවෙන් හඳුන්වනු ලබන මොවුහු ප්‍රධාන වශයෙන් ලංකාවේ තේ වතුවල දැනුදු සේවය කරති. පරම්පරා ගණනක් තිස්සේ ඔවුන් දරිද්‍රතාවයෙන් පීඩා විදින අතර නොකඩවා පහත් ජිවන තත්ත්වයක් අත් විදිති. එකම භාෂාවක් කතා කරන නමුදු උතුරේ සහ නැගෙනහිර සිටින අනෙක් දෙමළ ජනතාව, උඩරට දෙමළ ජනතාව වෙනත් ජන කොට්ඨාශයක් ලෙස සලකා කටයුතු කරති.
1949 දී ඩී.එස්. සේනානායක රජය වතු කම්කරුවන්ට පුරවැසිභාවය නොදීමට නීතියක් සම්මත කර ගත්තේ ඔවුන් රටක් නැත්තවුන් තත්ත්වයට හෙළමිනි.
අගමැති ඩී.එස්. සේනානායක මෙහිදී ගැටලු දෙකකට මැදි විය. වතුකරයේ දෙමළ ජනතාවගේ ඡන්ද මෙරට මන්ත්‍රී ආසන 20 ක් සඳහා සෘජුව මෙන්ම වක්‍රාකාරව ද බලපා තිබීම හේතුවෙන් මෙරට මධ්‍යම කඳුකරය දකුණු ඉන්දීය වතුකම්කරුවන්ගේ ආක්‍රමණයකට මතු ගොදුරු වේ යැයි දකුණේ සිංහල සමාජය තුළ බියක් ඇතිවීම පළමු ගැටලුව යි. ඊට වඩා අගමැති ඩී.එස් ට හිසරදයක් වූයේ වාමාංශික පක්ෂවල බලය ප්‍රබල වී එමගින් මතු තම දේශපාලන දිවියට විශාල අවදානමක් සහ අභියෝගයක් විය හැකි යැයි ඔහු තුළ ඇතිව තිබූ බියයි.
මෙහි ප්‍රතිඵලය වුයේ දේශපාන සමතුලිතභාවය දෙමල ජනතාවගෙන් ඈත්වීමයි. 1948 දී නිදහස ලබන විට පාර්ලිමේන්තුවේ 33% ඡන්ද බලය දෙමළ ජනතාවට තිබුණි. වතු දෙමළ ජනතාවට ඡන්ද බලය අහිමි වීම මත එම ප්‍රමාණය 20% දක්වා අඩුවිය. සිංහලයනට පාර්ලිමේන්තුවේ 2/3 ක බලය ලබා ගැනීමට හැකිවීමෙන් සිංහල ප්‍රතිපත්ති සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී විරෝධය පෑමට දෙමල ජනතාවට තිබුණු ඉඩ ප්රස්ථා අහිමි විය. මෙම අසාමානත්වයට ප්‍රධාන හේතුව වුයේ සිංහල බහුතරයක් සිටින බහු ආසන මන්ත්‍රී කොට්ඨාශයකින් දෙමළ මන්ත්‍රීවරයෙකු තෝරා ගැනීමය. බහු ජාතික ආසන ඇති කිරීමට හේතුව වුයේ ඉදිරි ජාතිකවාදී ආණ්ඩුවකදී සුදු ජාතීන්ට වැඩි බලයක් ඒම වළක්වනු පිණිසයි.
පුරවැසිභාවය අහිමි කිරීමෙන් පමණක් සෑහීමට පත් නොවී ඉන්පසු බලයට පත් පක්ෂ රාජ්‍යයන් කීපයක්ම උත්සාහ කළේ වතු දෙමල ජනයා සම්පුර්ණයෙන්ම රටෙන් ඉවත් කිරීමටයි. 1962 දී එවකට අගමැති එල්. බී. ශාස්ත්‍රි සමග ගිවිසුමක් අතසන් කරන ලදී. දෙවැනි ගිවිසුම ඉන් අවුරුදු 3කට පසුව ඉන්දිරා ගාන්ධි සමග අත්සන් කෙරිණි. මෙයින් වතු දෙමළ ජනතාව 600000 ක් අවුරුදු 15 ක් තුළ ඉන්දියාවට යැවීමටත් 375000 කට ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය දීමටත් එකගතාවයක් ඇති විය. මෙයින් පළමු පිරිස ඉන්දියාවට නොගිය අතර ශ්‍රී ලංකාවේ නැවතුණහ. එහෙත් එම ඡන්ද බලයද, පිටරටකට යාමේ අවස්ථාවද , සැබෑ ශ්‍රී ලාංකික පුරවැසියෙකු ලෙස කටයුතු කිරීමේ අවස්ථාවන් අහිමි කර ගනිමිනි.
කඳුකර දෙමළ ජනතාව, සමාජයේ දක්වා ඇති සංග්‍රහය සහ විද්‍යාත්මක අර්ථකථනයන් මඟින් විවිධ දේශපාලන පරිකථන වශයෙන් ‘මලෙයියහ දෙමළ’ ලෙස හඳුන්වමින්, තමන්ගේ හැඳුනුම්පතේ වෙනස්වීම් සමඟ සමාජයේ ඉහලින් ප්‍රතිචාර දැක්වීමක් සාර්ථක කර ඇත. 1977 වසරේදී මේ විශේෂ හැඳුනුම් පිළිබඳව ලැබූ සාමකාමී ඉල්ලීම්, එක්සත් ජනපදයේ පරීක්ෂණ කාර්යයන් හරහා සමාජය විසින් උතුම් ආකාරයෙන් ලැබුණි.
මෙම කඳුකර දෙමළ ජනතාව ඉන්දියානු සම්භවයක් නොව, 1960 පසු, ඉන්දියානු සම්භවයක් පවා අහෝසි කිරීමේ සාමාජිකවූ මතවාදයක්, ඔවුන්ගේ අයිතිවාසිකම් සහ සංස්කෘතික ගෞරවය ප්‍රකාශයට පත් කළ බව ප්‍රසිද්ධ වේ.
නමුත් වතුකර දෙමළ ජනයාට විදින්න සිදුවූ දුක් කම්කටොලු සුලුපටු නොවේ. විශේෂයෙන් ම ඔවුන්ගේ අනන්‍යතාව සම්බන්ධයෙන් බරපතල ගැටලු රාශියක් අත්විදීමට සිදුවීම ඛේදනීයයි. එහෙයින් මෙම නව වෙනස ඔවුන්ගේ අනන්‍යතාවයට සාධනීය ලෙස බලපෑමක් එක් කරනු ඇත.