ආණ්ඩුවේ බැරිකම සහ රාජපක්ෂ අපරාධ චක්‍රය.

Government incompetence and the Rajapaksa crime cycle

රාජපක්ෂලාට ආයෙත් නරක කාලයක් උදාවෙලා. පහුගිය යහපාලන ආණ්ඩුවෙන් රාජපක්ෂලාට තිබුණ චෝදනාවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න උත්සාහ කළත් ඒ ක්‍රියාමාර්ග විවිධ හේතු නිසා හරියට සිද්ධ වුනේ නෑ. යහපාලන ආණ්ඩුවෙත් ගත්ත විවිධ ක්‍රියාමාර්ග 2019 නැවත ගෝඨාභය බලයට පත්වීමත් එක්ක සම්පුර්ණයෙන්ම කඩා කප්පල් වුනා. රාජපක්ෂලාට එරෙහිව දාපු ගොඩක් නඩු නීතිපති දෙපාර්තමේන්තුව, අල්ලස් හෝ දූෂණ කොමිෂම පැත්තෙන් ඉල්ලා අස්කර ගත්තා.

සමහර නඩුවල තිබුණ තාක්ෂණික වැරදි නිසා නඩු පවත්වාගෙන යන්න බැරිවුනා.ඒ කාලේ කට්ටිය කිව්වේ නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ කියලා. දැන් හැබැයි ආපහු රාජපක්ෂලාගේ දූෂණ, අපරාධ චක්‍රය කැරකෙන්න පටන් අරන්. සාමාන්‍යයෙන් කලින් සැරවලට වඩා රාජපක්ෂලාට මේ පාර එල්ලවෙන පීඩනය වැඩියි. ඒකට හේතු කීපයක් තියනවා. එකක් තමයි මාලිමාව විසින් හොරු අල්ලනවා කියලා දුන්න පොරොන්දුව. දැන් එයාලට ඒක කරන්න වෙනවා. ඊළඟට මාලිමාව දුන්න කප්පරක් පොරොන්දුවලින් එකක්වත් ඉෂ්ඨ කරන්න බැරිව ආණ්ඩුව තවමත් තටමනවා.

ජවිපෙ සහ මාලිමාව සියල්ල බොරු බවට පත්වෙලා, අනුරගේ සිට පහලට ආණ්ඩුවේ සියලු දෙනා බොරුකාරයෝ වෙලා. ජවිපෙ – මාලිමා ආණ්ඩුවේ බැරිකම දැන් හරියටම ප්‍රදර්ශනය වෙන්න පටන් අරන්. මේ බැරිකම වහගන්න එයාලට ඉතිරිවෙලා තියෙන එකම අවිය හොරු ඇල්ලීමේ අවිය විතරයි. මේ වෙලාවේ ඒ අවිය පාවිච්චි කලොත් ප්‍රශ්න ටික තාවකාලිකව යටගහන්න පුළුවන් කියලා අනුර ප්‍රමුඛ ආණ්‌ඩුව කල්පනා කරනවා. අනුරගේ බැරිකම රාජපක්ෂලාගේ අපරාධ චක්‍රය පිටින් යවලා බේරෙන්නයි මේ හදන්නේ.

දැන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැත්තෙන් ඉන්වෙෂ්ටිගේෂන් වේගවත් කරලා. ඉතා ඉක්මනින් ප්‍රභල චරිත කීපයක් අත්අඩංගුවට ගන්න හදන බවට තොරතුරු රටේ රාළට තියනවා. ඒ අතරින් රාජපක්ෂ පවුලේ අය සහ හිතවතුන් ගණනාවක් ඉන්නවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැත්තෙන් ඉන්වෙෂ්ටිගේෂන් වේගවත් කරන්න බලපාපු කරණා කීපයක්ම තියනවා. ඒ අතර ප්‍රධාන හේතුව තමයි වැඩේ ඇඟට අරන් දුවන කණ්ඩායමක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ඉන්නවා.

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විදිහට කටයුතු කරන්නේ හිටපු නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න. ඒ වගේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක හිටපු පොලිස් අධිකාරී ශානී අබේසේකර. යහපාලනය ආණ්ඩුවේ දුෂණ විරෝධී කමිටුවේ මූලිකයා විදිහට හිටපු අනුර දිසානායකගේ ලේකම් අනන්ද විජේපාල අද පොලීසිය බාර ඇමති. ශානී සහ රවී කියන්නේ රාජපක්ෂලාගේ උදහසට සහ පලිගැනීමේ ලක්වුන නිළධාරීන් දෙන්නෙක්.

පොලිස් ඇමති නියෝජනය කරන්නේ අනුරගේ දේශපාලන උවමනාව. ඒ කියන්නේ රාජපක්ෂලා කොටුකිරීම හරහා රටේ ප්‍රශ්න යට ගැසීමේ දේශපාලන ක්‍රීඩාව. ළඟ එන පලාත් පාලන මැතිවරණයට ජනතාව අතරට ගෙනියන්න සටන් පාඨක් හදා ගැනීමත් මෙතන ප්‍රමුඛ කාර්යක්. මේ සියලු කරුණු එකිනෙක සමපාත වෙන නිසා රාජපක්ෂලා කොටු කිරීම කියනදේ වඩාත් වේගයෙන් සහ සැලසුම් සහගත සිද්ධ වෙනවා.

රටේ රාළ දිගටම හිටියේ මේ රටේ ජනතා දේපල මංකොල්ල කාපූ,ඒ වගේම අපරාධ සම්බන්ධ චොදනා එල්ලවෙන සියලු දෙනාටම නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනි කියන ස්ථාවරයේ. ඒක රාජපක්ෂලාටද, රනිල්ටද, මෛත්‍රිටද, අනුරටද, විමල්ටද කියලා නෑ. හරියට ඉෂ්ඨ වෙන්න ඕනි. හැබැයි වසන්ත සමරසිංහගේ බදු වංචා ප්‍රශ්නට මේ ආණ්ඩුවෙන් සාධාරණය ඉෂ්ඨ වෙයි කියලා බලා ඉන්නවා නං ඒක මෝඩකමක්. ප්‍රශ්න අධිකරණයේ තියන නිසා සාධාරණයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ජවිපෙන් රටේ රාළලාට කරපු අපරාධ ගැන අනුරගේ ආණ්ඩුවෙන් සාධාරණය ඉල්ලන්න තරම් රටේ රාළ නං නිවට වෙන්නේ නෑ.

විමල් වගේ රටේ රාළ කාලයක් කඩේ වහලා කෙඳිරි ගෑවේ නෑ.ලාල් කාන්තලා පස්සෙන් ගියෙත් නෑ. ඒ වගේම කවදාවත් කෙඳිරි ගාන්නෙත් නෑ. අපිට තියෙන්නේ විජේවීරගෙන් හම්බ උන අභිමානය මිසක් අනුරලාගේ, විමල්ලාගේ තිබුණ දේශපාලන නිවටකම් නෙවෙයි. කොහොම උනත් මේ විදිහට නීතිය ක්‍රියාත්මක වීම ගැන රටේ රාළට නං දුකක් කණගාටුවක් නෑ. හැබැයි ඒක සාධාරණ වෙන්න ඕනි. ඒක තවත් දේශපාලන පලිගැනීමක් වෙන්න බෑ.නීතිය මගින් යුක්තිය ඉෂ්ඨ වෙන්න ඕනි. මෙතන බැලූ බැල්මට පලිගැනීමේ චේතනාවක් තියන බව පේනවා.

විශේෂයෙන්ම මහින්ද ගෙදරින් එලියට දැම්මට අදාලව සහ මහින්දගේ ආරක්ෂාව සමිබන්ධව අනුර කරපු ප්‍රකාශය වලින් ඒක තහවුරු වෙනවා. මහින්දගේ ආරක්ෂාව අඩු කළේ කාගේ නිර්දේශවලට අනුවද කියන එක තවමත් ප්‍රශ්නයක්? අනුර කියන විදිහට හිතෙන්නේ ඒක කළේ අනුර කියලයි. හිටපු අය අඩු කරලා හැටක් දුන්නා කෙඳිරි ගෑවොත් 60 ත් අයින් කරනවා කියලා තර්ජනය කිරීමෙන් ඒ අනුරගේ කැමැත්ත බව තේරෙනවා. ඒ තමයි රටේ රාළ කියන අනුර ඇතුලේ ඉන්න වියරු මිනිසා. නැතිව එහෙම කරන්න බලයක් අනුරට නෑ.

අඩුම ගානේ අනුර ඡනාධිපති හිමිකම් පනත සංශෝධනය කරලාවත් නං එහෙම කතා කළේ අනුරට පොඩි හරි සමාවක් තියනවා. එතනදී එලියට පැන්නේ අනුර ඇතුලේ කැකෑරෙන වෛරය. මහින්ද ජවිපෙට දුන්න වී FM එකට ඒ වෛරය සමහන් කරන්න බැරිවුනා. යෝෂිත රාජපක්ෂ 25 වෙනිදා අත්අඩංගුවට ගන්නා බව තමන් කලින් දවසේ රාත්‍රීයේ කතා කල නමුත් අද වන තුරු එලියට දැම්මේ නෑ කියලා ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජනරාල් අරුණ ජයසේකර කියලා තිබුණා.

අරුණ කියන විදිහට කතාවෙලා ගන්න එකක් තියන බව පේනවා. සෙනසුරාදා උසාවි නිවාඩු දවසේ ගන්න ඇත්තේ ඒක හින්දා වෙන්න ඕනි. සමාන්‍යයෙන් මොලයක් තියනවා නං එහෙම කලත් අරුණ ජයසේකර ඒ කතාව කියන්නේ නෑ. ඇරුණ ජයසේකර එයාගේ මිල්ටරි ලක්ෂණ පෙන්නපු කතාවක් ඒක. ඒ කතාවේ තැන් කීපයකදීම සතා එලියට පැනලා තිබුණා. අරුණ ජයසේකරගේ වචනවලින්ම කියනවා නං ” මුං බයවෙලා ඉන්නේ. අපි දැන් ඉදිරියට යා යුතුයි. අතාරින්න එපා රටට වින කළ ඔක්කෝම එවුන් යවලා අපි මේ බලය ගත්තේ ආයේ දෙන්නද?

අපට මාස හයකින් මේක කරන්න බැරි වුණා කියමු. ඒත් අපි දෙන්නද?මේක ආයේ දෙන්නේ නැහැ පුතේ. මේක හදලමයි යන්නේ. බලය ගන්න දරපු වෙර මෙන් දහ පහලොස් ගුණයක වෙර දරන්න වෙනවා බලය පවත්ව ගන්න. තියාගන්න, මේක අතහරින්න බෑ ” අරුණ ජයසේකර කියන්නේ එහෙමයි. අපිට අරුණ ජයසේකරට කියන්න තියෙන්නේ ජනතාව නැගිට්ට දවසට නං ඔය සෙල්ලම් හරියන්නේ නෑ පුතේ යනවා හැර වෙන විකල්පයක් නෑ කියලා විතරයි.

හරි එහෙනම් ගිහින් එන්නම්.

ජයවේවා.

මීට

රටේ රාළ.

Social Sharing
අවකාශය නවතම විශේෂාංග