ගාල්ල බන්ධනාගාරයේ ඇති වූ ගැටුම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා විශේෂ කණ්ඩායමක් පත්කර තිබේ.
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී දිසානායක මහතා පැවසුවේ සහකාර බන්ධනාගාර අධිකාරිවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක් ඒ සඳහා ක්‍රියාත්මක බවයි.
මේ වන විට බන්ධනාගාර කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන බවදඔහු ප්‍රකාශ කළේ ය.
පසුගිය 26 වන් දින ගාල්ල බන්ධනාගාර රැඳවියන් අතර ඇති වූ ගැටුමක් හේතුවෙන් රැඳවියන් 4 දෙනකු ප්‍රතිකාර සඳහා ගාල්ල ජාතික රෝහලට ඇතුළත් කරන ලදී. බහින්බස් වීමක් දුරදිග ගොස් මේ තත්වය ඇතිවී ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී. දිසානායක මහතා වැඩිදුරටත් සදහන් කරන ලදී.