ලොව නරකටම කරන මුදල් ඒකකය රුපියල ද?

sri lankan rupee the worst performing emerging market currency

2025 ජනවාරි හතරවන සතියේ දත්ත අනුව ලෝකයේ නැගී එන ආර්ථිකයින් අතර ‘නරකටම කරන මුදල් ඒකකය’ රුපියල  (the worst performing emerging market currency) බව බ්ලූම්බර්ග් දත්ත පදනම් කර ගෙන ‘ද මෝනිං’ පුවත්පත පවසයි.

2024 දී ඩොලරයට සාක්ෂව ඉහළම වර්ධනය ලැබූ ශ්‍රී ලංකා රුපියල ජනවාරි මස 1.72% ක් අවප්‍රමණය වී ඇත. ලංකාවට පසුව ලොව නරකම වැටීම සහිත මුදල් ඒකක ලෙස ආර්ජන්ටිනාව (1.46%)  හා තුර්කිය (0.89%) දැක්වේ.

2024 දී ලංකා රුපියල ඩොලරයට සාපේක්ෂව 10.85% ක වර්ධනයක් ලැබුණු අතර පලමු වරට රු. 300 ට වඩා පහත වැටුණි.

මහ බැංකුව, මුදල් අමාත්‍යාංශයට මේ ප්‍රශ්න ගොඩදාගන්න හැකි වෙතැයි සිතනවා. මහ බැංකුවේ/මුදල් අමාත්‍යාංශයේ තවම ඉන්නේ ලංකා ඉතිහාසයේ නරකම මුදල් අර්බුදය වසර දෙකක් තුල කළමනාකරණය කළ ‘අති දක්ෂයන්’ ය.  දේශපාලන මඟපෙන්වීම නැති වුණා කියලා, මාස හතරට ඔවුන් ලොව නරකටම කරන ‘අදක්ෂම නිලධාරීන්’ බවට පත් වෙන්නට නම් හේතුවක් නෑ.

sri lankan rupee the worst performing emerging market currency

-රජිත් කීර්ති තෙන්නකෝන්-

Social Sharing
අවකාශය නවතම