2008 වසරේදී කොළඹ අවට ප්‍රදේශවලින් තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදහන් කරනු ලබනවා. පැහැර ගත් පුද්ගලයන් ඔවුන්ගේ පවුල්වලින් කප්පම් ඉල්ලා සිටිනවා. පසු කලෙක මෙම පැහැරගැනීම් හා අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු වන්නේ හෙට්ටිආරච්චි මුදියන්සේලාගේ චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි නමැත්තායි. ඔහු නාවික හමුදා සෙබළෙකි. පැහැරගත් තරුණයන් කොළඹ හා ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරුවල රඳවා තබාගෙන සිටි බව වාර්තා වෙනවා.
මෙම තරුණයන් 11දෙනා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් නාවික හමුදාපති රියර් අද්මිරාල් වසන්ත කරන්නාගොඩ පූර්ණ අවබෝධයකින් සිට ඇති බව ද වාර්තා වෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරීක්ෂණයන්ට අනුව මොවුන් හිටපු නාවික හමුදා ප්‍රකාශක ඩී.කේ.පී දසනායක සහ කමාන්ඩර් සුමිත් රණසිංහ යනාදීන් සේවයේ යෙදී සිටි ස්ථානයන්හි රඳවා තබාගෙන තිබෙනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීලීක්ස් පෙරේරා විසින් කරන ලද පැමිණිල්ලකට අනුව, නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩගේ ලේකම් රියර් අද්මිරාල් ෂෙමාල් ප්‍රනාන්දු විසින් තරුණයන්ගේ අතුරුදහන්වීම් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වනවා. එහිදී ඔහු පවසන්නේ නීති විරෝධීව ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරේ තබාගෙන සිටි තරුණයන් මුදාගැනීමටඔහුගේ ප්‍රධානියා වූ නාවික හමුදාපතිවරයා කිසිවක් නොකළ බවයි.
එමෙන්ම නාවික හමුදාපතිවරයා ප්‍රධාන සාක්ෂිකරුවන් වූ නාවික හමුදා සෙබළුන් සහ ප්‍රකාශ ලබා දුන් සෑම සෙබළෙකුම ගැන පරික්ෂාවෙන් සිට ඇති බව ද වාර්තා වේ. වසන්ත කරන්නාගොඩ යනු මෙම සිදුවීමේ සැකකරුවකු ලෙස නම් කරන ලද දෙවන ප්‍රධාන නිලධාරියා වේ. අනෙක් නිලධාරියා වූයේ හිටපු නාවික හමුදාපති රියර් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණවර්ධනයි.
රියර් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණවර්ධන අත්අඩංගුවට ගැනීමට කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක විසින් නියෝග කරනු ලැබේ. නාවික හමුදා ගිණුම් පරීක්ෂා කිරීමේදී ප්‍රධාන විත්තිකරු වූ චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි හට ලංකාවෙන් විදෙස්ගත වීම සඳහා රු. 500,000ක මුදලක් ලබාදී තිබෙනවා. ඔහුව අත්අඩංගුවට ගැනීමේදී ඔහු සතුව ව්‍යාජ හැඳුනුම්පත් කිහිපයක් ද තිබී ඇත.
නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ තමන්ගේ පෞද්ගලික සහයක සම්පත් මුණසිංහ සමග යම් පෞද්ගලික ගැටලුවක සිට තිබේ. දේශපාලන උණුසුමත් සමග කරන්නාගොඩ තරුණයන් පස් දෙනෙකුගේ අතුරුදහන්වීමක් ගැන පොලිසියට පැමිණිලි කර තිබේ.
රියද් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණවර්ධන පැහැරගැනීමට හෝ ඝාතනය කිරීම්වලට සෘජුව සම්බන්ධතාවක් නොතිබුණ ද සිද්ධිය වසන් කිරීම සහ සැකකරුවන්ට අරමුදල් සැපයීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා එල්ල විය.
නමුත් විජේගුණවර්ධනගෙන් පසුව පත් වූ නාවික හමුදාපති වූ ට්‍රැවිස් සින්නයියා යුද්ධයට මුවා වී මෙවැනි අපරාධයන්ට හවුල්වූ කිසිවෙකුට කිසිඳු සමාවක් නැති බව පැවසුවේය. පත් වී මාස දෙකක් ඇතුළත ඔහුව නිලයෙන් ඉවත් කරන ලදි.
- අතුරුදහන් වූ තරුණයින්
- ජොන් රීඩ් – වයස 21 – වත්තල
- අමලාන් ලියොන් – වයස 50 – කොටහේන
- රොෂාන් ලියෝන් – 21 – කොටහේන
- රජීව් නාගනාදන් – 21 – දෙහිවල
- පී. විශ්වනාදන් – 18 – දෙහිවල
- පී.රාමලිංගම් – 17 – දෙහිවල
- මොහොමඩ් සජීඩ් – 21 – දෙහිවල
- ජයමල්ඩීන් ඩිල්හාන් – – දෙහිවල
- මොහොමඩ් අලි අන්වර් 22 – දෙහිවල
- ඇන්ටන් – 48 – කොටහේන
- ත්‍යාගරාජ් ජගන් – 32 – ජින්තුපිටිය
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මූලික පරීක්ෂණවලදී ප්‍රධාන සැකකරු වූ නාවික හමුදා බුද්ධි නිලධාරියෙකු වූ ලෙෆ්ටිනන්ට් කොමාන්ඩර් සෙදිලිලගේ දොන් සුමේධ සම්පත් දයානන්ද යන අයගෙන් සාක්ෂි ලබා නොගැනීම නිසා අවශ්‍ය වැදගත් තොරතුරු රැසක් අනාවරණය කරගැනීමට තිබූ අවස්ථාව අහිමි වී ගිය බව වාර්තා විය. සම්පත් දයානන්ද දෙමළ තරුණයන් දෙදෙනෙකු පැහැරගෙන යාම සම්බන්ධයෙන් සාක්ෂි සහිතව චූදිතයෙකු විය. පැහැර ගන්නා ලද චූදිතයෙකුගේ දුරකතනයක් ඔහු මාස කිහිපයක් භාවිතා කර තිබිණි. ඒ වන විට දයානන්ද වැලිසර නාවික හමුදා කඳවුරට අනුයුක්තව සේවය කළේය. සම්පත් දයානන්දව කිසිදින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රශ්න නොකළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්කමේන්තුව විසින් පවසන ලදි. නාවික හමුදාවේ නිලධාරීන් නිර්ණාමිකව තරුණයන් පැහැර ගැනීම සම්බන්ධව දයානන්දගේ සම්බන්ධය පිළිබඳ තොරතුරු දන්වා සිටි අතර ඒ වන විට නාවික හමුදාපති ලෙස කටයුතු කළ වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න විසින් ඔහුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ගෙන යාමට හෝ සාක්ෂි දීමට නොහැකි වන ලෙස ආරක්ෂා කළ බව ද වාර්තා විය.