ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ චීන නිල සංචාරයේදී මූල්‍ය ප්‍රදානයන් රැසක් මෙරටට ලැබෙන බවත් අවබෝධතා ගිවිසුම් සහ එකඟතා ලියවිලි 15කට අත්සන් කළ බවත් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් විසින් සඳහන් කළේය.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ 2025.01.22 දින රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය සාකච්චාවකට එක්වෙමිනි.
ශ්‍රී ලංකාවේ කොළඹ වරාය නගරය, හම්බන්තොට වරාය, අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් සදහා සහාය දක්වන බවත් එම සාකච්ඡාවේදී චීන ජනාධිපතිවරයා විසින් පවසා ඇත. ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා සහ චීන ජනාධිපති සී ජින්පින්ග් මහතා අතර මෙරට ආයෝජන අවස්ථා පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා වූ බවත් චීන ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවට ඉදිරියටද සහාය දක්වන බවත් අමාත්‍යවරයා පැවසීය.
එසේම චීන අග්‍රාමාත්‍යවරයා සහ චීන මහජන කොංග්‍රසයේ සභාපතිවරයා හමුවී ද්වී පාර්ශ්වික සාකච්ඡා පැවැත්වූ බවත් චීනයේ චෙන්දු ප්‍රාන්තයට ශ්‍රී ලංකා කොන්සියුලර් කාර්යාලයක් ආරම්භ කිරීමට අවශ්‍ය භූමිය නොමිලේ ලබා දීමට එකඟතාවය පළ කළ බවත් හෙතෙම සඳහන් කළේය.
තවද විවිධ ව්‍යාපෘති සඳහා යුවාන් මිලියන 500ක (රුපියල් බිලියන 20ක) ප්‍රතිපාදන ලබා දෙන බවත් කොළඹ වරාය නගරයේ නව සම්මන්ත්රණ ශාලාවක් ඉදිකිරීමට යුවන් මිලියන 480,000ක් මෙන්ම 2025 වසරට දිවයිනේ සියලුම පාසල් සහ පිරිවෙන් අධ්‍යාපනය හදාරන දරුවන්ට නිල ඇඳුම් ලබා දෙන බවත් අමාත්‍යවරයා පැවසීය. එසේම 2026 වර්ෂය සඳහාද නොමිලේ පාසල් නිල ඇඳුම් ලබා දීමට චීන රජය අනුග්‍රහය දක්වන බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත තිරිඟු පොතු චීන වෙළඳපොළට අපනයනය කිරීමට එහිදී එකඟ වූ බව පැවසූ අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය දියුණු කිරීමට ද අවබෝධතා ගිවිසුම් අත්සන් කළ බව පැවසීය.
එසේම හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඉන්ධන පිරිපහදු මධ්‍යස්ථානයක් සඳහා එකඟතා ලියවිල්ලකටද අත්සන් කළ බවත් ධීවර ප්‍රජාව වෙනුවෙන් ධීවර ආම්පන්න සහ නිවාස වෙනුවෙන් මූල්‍ය ප්‍රදානයක් ද ලබා දීමට එකඟතාවය පළකළ බවත් හෙතෙම පෙන්වා දුන්නේය.
තවද ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව, ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව, රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සහ ලේක්හවුස් ආයතනයේ මාධ්‍යවේදීන් වෙනුවෙන් පුහුණු අවස්ථා ලබා දීම සඳහාද අවබෝධතා ගිවිසුමක් අත්සන් කළ බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.