අස්වැසුම දෙවන අදියර සඳහා අයදුම්පත් යොමුකළ අඩු ආදායම් ලාභීන්ගෙන් සුදුසු ප්‍රතිලාභීන් තෝරාගැනීම සඳහා සිදුකළ යුතු සංගණන කටයතු අද දිනයේ සිට ආරම්භ කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය ප්‍රකාශ කර ඇත. ඒ අනුව දෙවන අදියර සඳහා ලක්ෂ 08කට ආසන්න අයදුම්පත් ඉල්ලුම්කර ඇති බව ඔවුන් පවසයි.
සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් මහජනතාව වෙත දන්වා සිටින්නේ ඔවුන් අද එනම් ජනවාරි 21 වනදා සිට මෙම සංගණන කටයතු කිරීමේ අරමුණින් නිවෙස් වෙත පැමිණෙන බවත්, සංගණන කටයතු සිදුකරගෙන යාම සඳහා අවශ්‍ය වන ජාතික හැඳුනුම්පත ඇතුළුව අනෙකුත් සියලු ලියකියවිලි සූදානම් කරගන්නා ලෙසයි.
2024 වසරේ පෙබරවාරි මස දෙවන අදියර සඳහා අයදුම්පත් කැඳවීම සිදු වූ නමුත් ප්‍රතිලාභීන් තෝරා ගැනීම සඳහා සිදුකරන සංගණන කටයතු සිදුවන්නේ වසරකට ආසන්න කාලයකට පසුවය. කෙසේ වෙතත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි අස්වැසුම දෙවන සංගණන කටයතු ගිය වසරේ ජූලි මස 15 වනදා සිට 30 වනදා දක්වා පැවැතීමට නියමිතව පැවතුනත් ජනාධිපතිවරණය හමුවේ සංගණනය කටයතු තාවකාලීකව අත්හිටුවීය.