මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව ගිරිතලේ යුද හමුදා කඳවුරේ හිටපු අණ දෙන නිලධාරී ෂම්මි කුමාරරත්න ඇතුළු යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයින් 9 දෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන නඩුව පසුගිය 17 දා කොළඹ මහාධිකරණයේ දී විභාගයට ගැනීමෙන් පසුව, වැඩිදුර සාක්ෂි විභාගය 2025 පෙබරවාරි 17 දින දක්වා කල් දමා තිබේ.
2010 වසරේ ජනවාරි මස මස 25 වැනිදා හෝ ඊට ආසන්න දිනයකදී සිදු වූ මෙම අපරාධය ගිරිතලේ, හබරණ හා කොට්ටාව යන ප්‍රදේශ වලදී විත්තිකරුවන් තවත් නම් නොදත් පිරිසක් සමග එක්ව රහසිගතව සිර කර තැබීමේ අරමුණෙන් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන යාම හා මරණය සිදු කිරීම යන චෝදනා සම්බන්ධයෙන් ගිරිතලේ යුද හමුදා කඳවුරේ හිටපු අණදෙන නිලධාරීයා ඇතුළු තවත් යුද හමුදා බුද්ධි අංශ සාමජිකයින් නව දෙනෙකුට එරෙහිව මෙම නඩුව නීතිපතිවරයා විසින් පවරා තිබේ.
ඒ අනුව, මෙම නඩුවවේ විත්තිකරුවන් ලෙස ගිරිතලේ යුද හමුදා කඳවුරේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් ෂම්මි කුමාරරත්න, ඩබ්ලිව්.ඩී. උපසේන (සුරේෂ්), ආර්. එම්. පී. කේ. රාජපක්ෂ (නාදන්), එස්.එම්. රවීන්ද්‍ර රූපසේන (රංජි), චමින්ද කුමාර අබේරත්න කනිෂ්ක ගුණරත්න, අයියාසාමි බාලසුබ්රමනියම්, තරංග ප්‍රසාද් ගමගේ සහ ටී.ඊ.ආර්. පීරිස් යන යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයින් 9 දෙනෙකු නම් කරනු ලැබ සිටිති.
මෙම නඩුවේ අගතියටපත් පාර්ශවයේ සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියගේ අයිතිවාසිකම් වෙනුවෙන් ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම මහතා පෙනී සිටී.
https://web.facebook.com/watch/?v=409400211527994