සිනොපෙක් පිරිපහදුව ගැන ආයේ දෙකට බෙදිලා තර්ක විතර්ක යනවා නේ.
ඔය වසන්තත් අර කාංචනයි මමයි බුද්ධික පතිරණයි ඉන්න රතුඉරේ කයිවාරුවට කියන්නේ ඔය සිනොපෙක් ඩීල් එක ගැනම තමයි. කාංචන කියන්නෙත් ඒකම තමයි.
වසන්ත කියනවා අපි පිරිපහදුවක් හදන්න ආයෝජන ගේනවා කියලා. කාංචන අහනවා කොහෙන්ද කියලා. වසන්න කියන්නේ නෑ. අපි ගේන්නම්කෝ කියනවා. ඒ වෙලාවේ චීනයෙන් කියන්න බෑ. කිව්වනම් කාංචන කියනවා ඒක අපිනේ කලේ කියලා.
ආණ්ඩුව මොකක් උනත් අර්බුදයෙන් ගොඩ එන්න චීනයේ සහය ගන්න නම් ඔය පිරිපහදුව මෙහෙට එනවා. ඒක චීනයේ BRI plan එකේ කොටසක්. පිරිපහදුව වගේම සිනොපෙක් තෙල් විකුණන්න එන්නෙත් එකම strategy එක. ඒක මේ දෙන්නම දන්නවා. සිනොපෙක් එන කොට තෙල් වෙළෙඳපොළ විදෙස් සමාගම් වලට දෙනවෝ කියලා උද්ඝෝෂණ කළෙත් වසන්තලා තමයි. හැබැයි ඒකෙම පිරිපහදුව එන කොට ආයෝජන ගේනවෝ කියලා හුරේ දානවා.
ඒක රනිල්/කාංචන කැබිනට් පේපර් දාලා ලෑස්ති කලා, හරියට මහින්දගේ හම්බන්තොට වරාය, නෙලුම් කුළුණ වගේ තමයි. දැන් අනුර ගිහිල්ලා ගිවිසුම ගහ ගෙන ඇවිත් වැඩේ සම්පූර්ණ කළා.
දැන් මේ ළමයි ඕකට බෙදිලා ගහ ගන්න එපා. ඒ ඔක්කොම අය ඕක දන්නවා. ඒ ඒ වෙලාවට ඕගොල්ලන්ට පේන්න විවිධ ආකාරයෙන් ඒක රඟ දක්වනවා. වචන වෙනස් විදියට පාවිච්චි කරනවා. විකුණනවෝ, ආයෝජන ගේනවෝ වෙනවා.
ඔය බිලියන 3.7 න් අපේ රටේ සංචිත වලට එකතු වෙන්නේ බොහෝම සුළු ප්‍රමාණයක් විතරයි. ඒත් overall වාසියක් තියෙනවා. දැන් බලන්න ඕනේ ගිවිසුම් වල බදු සහනත් දීලද කියලා. කොළඹ දකුණු වරාය ජැටියට වසර 35 ක බදු සහනයක් මහින්ද දීලා තියෙන්නේ චීනයට.
කොහොම නමුත් කවුරු බලයේ හිටියත් සුපිරි බලවතෙකු වන චීනය එයාට අවශ්‍ය කරන බලශක්ති සැපයුමක් එයාගේ මුහුදු වෙළෙඳපොළ මාර්ගය තුල නිර්මාණය කර ගන්නවා. එයාගේ වෙළෙඳ මාර්ගය, සැපයුම් මාර්ගය එයා ආරක්ෂා කර ගන්නවා. මේක බැලන්ස් කරන්න ත්‍රිකුණාමලයට ඇතුළු නැගෙනහිර ප්‍රදේශ වලට ඉන්දියාව එනවා.
ඒ නිසා හැබෑ ආයෝජකයක් ආව දවසට සතුටු වෙමු. ඒවා ගේන්න පුළුවන් වෙනකං වැඩ කරමු. කොහොම උනත් හැදෙන්න අපේම රට නම් ඒ ගැන ප්‍රශ්නයක් නෑ.
#රටහදනහරිපාර #පැතූනොමික්ස්