චීනෙට යනකොට ඇඳපු එක වගේ නෙවෙයි ඊට පස්සේ චීන ජනපති සී ජිංපිං හමුවෙන වෙලාවේ ඇඳගෙන ඉන්න ටයි කෝට් ෆුල් සූට් එක මරු. ඒක හොඳට කැපිල යනවා. ඒ ගැන සංතෝසයි සහ මගේ අමාරුවත් දැන් හොඳයි. තාන්ත්රික ගමන්වලදී මේක තමයි අනුරට ගැළපෙන්නේ.
හුඟක් අයගේ ප්රශ්නේ තමයි ඇයි මේ ඇඳුම ගැන කතාකරන්නේ සංචාරයේ ආර්ථික දේශපාලන ගැඹුර ගැන කතාකරන්නේ නැතුව කියල. ඇඩ්වොකාටා ඉදන් රටේ රාළ දක්වා හැමෝම චීන සංචාරයේ ගැඹුර ගැන කතාකරනවා. නමුත් මතුපිට ගැන වැඩිය කවුරුත් කතා කරන්නේ නැහැ. ඒකයි මම ඒ පැත්තෙන් ලිව්වේ. බැනුම් අහගෙන හරි.
පෙනුම පැත්තෙන් අනුර දැන් නිකම් රනිල් වගේ. ඒකත් මගේ සතුටට කරුණක්. ඩබල් පොකට්, කුර්තා කමිස පැත්තකින් තියල රනිල් වගේ ඇන්දම මගේ රනිල් ෆැන්ටසි එක අප් වෙනවා.
කට්ටිය බැන්නට බණින අය හිතන්න ඕනි දෙයක් තමයි අවසාන විග්රහයෙදී මම රනිල් ෆැන්ටසි එක සම්බන්දයෙන් අගතිගාමී කියන එක. ඒ කියන්නේ බයස් (bias). මේක හැමෝටම තියන දෙයක්. අපි කොච්චර විශ්වීය උනත් යම් මොහොතක යම් දෙයකට අගතිගාමී වෙනවා. පක්ෂ වෙනවා. වැරදි තිබ්බ හෝ නැතා හෝ ඒක එහෙමයි.
අපි කොච්චර දියවැඩියාවෙන් පෙළුන උනත් සිනි කන්න කැමැත්තක් දක්වනවා. එහෙම සාරයක් මිනිස්සු තුළ තියනවා. (සීනි වෙනුවට වෙනත් ඕනෑම දෙයක් ආදේශ කරගන්නත් පුළුවන්).
රනිල්ට කැමති කෙනෙක්ගේ ඇස ඉදිරියේ කොච්චරම ලස්සනට අනුර ඇන්දත් ඒ කෙනාට ඒ රනිල් නෙවෙයි. කොච්චරම හොඳින් දේශපාලනය කරත් රනිල්ට කැමති කෙනා කැමති රනිල්ටම තමයි. අනික් හැම දේමත් එහෙමයි.
ඔය අගතිගාමී කෑල්ල තමයි ඇත්තටම දේශපාලනික. නිකං හිතන්න ආදරේදී උනත් අපි එහෙම නේද?