චීනය අපිටත්, අපි චීනෙටත් මෙච්චර ඕනෙ ඇයි ?

චීනය සමග ගිවිසුම් 15ක් අත්සන් තබයි !

අපේ ජනාධිපතිතුමාව චීන නිල සංචාරයෙදි එරට මහත් හරසරින් පිළිගත්තා . පසුගිය ලිපියෙන් කිව්වා වගේ මේ ගමන අපිටත් අපේ කලාපෙටත් ඉතා වැදගත් එකක් වේවි.

සෘජු ණය හිමියෙක් ලෙස චීනය අපිට ඩොලර් බිලියන 7 ක පමණ ණය දීලා තියනවා කියලා තමා officially වාර්ථා වෙන්නේ නමුත් සමහර වාර්ථාවලින් එළියට එන්නේ ඩොලර් බිලියන 14ක ප්‍රමාණයක් අපි චීනෙට ණයයි කියලා. බොහො ඒවා එක එක සුදු අලි ව්‍යාපෘති ඇතුලෙ හංගලා පොත් වලින් අයින් කරලා කියලා තමා සමහරු චෝදනා කරන්නේ. කෙසේවෙතත් අපි අම්බානකට චීනෙට ණයයි හැබැයි චීනෙට ඒක නං කජු ලෙල්ලක් වගේ දෙයක්, ඇමරිකාව විතරක් ඩොලර් බිලියන 772ක් චීනෙට ණයයි . ඉතින් අපේ ගාන අත අරින එක චීනෙට මහ දෙයක් නෙමයි .

අපේ ණය ප්‍රතිව්‍යුහගතකරනයෙදිත් චීන සාදකය විශාල අන්දමින් බලපෑවා, ප්‍රතිව්‍යුහගතකරනය පමාවෙන්නත් ඒක හේතුවක් උනා, චීනෙ පැත්තෙන් බැලුවොත් අපිට දීපු ණය එහෙම කපලා දාන්න විදියක් නෑ ලෝකයේම bilateral external debt ද්විපාර්ශ්වික බාහිර ණය වලින් 23% ප්‍රමාණයක් අයිති වෙන්නෙ චීනයට ඉතින් ලංකාවට එහෙම ණය සහනයත් දුන්නොත් අනෙකුත් ණය ගැතියොත් කෙදිරිගාන්න පටන්ගන්නවා අනේ අපිටත් සහනයක් දෙන්නකො කියලා . ඒවගේම මේ ණය කළමණාකරනය හරහා තමා චීනය ලෝක මූල්‍ය හා දේශපාලන ආධිපත්‍ය පවත්වගන්නේ. පොළි මුදලාලිට ගත්ත ණය හරියට එකතු කරගන්න බැරි උනොත් මුදලාලි බංකොලොත් වෙනවා.

ලංකාව නම් චීනයට වැදගත් වෙන්නේ ණය නිසාම නෙමේ අපේ වෙළදපලත් ඉතාම කුඩා එකක්, ඒ වගේම ලංකාවට සාපේකශව අතිවිශාල භූමියක් චීනය සතුයි, චීනයට ලංකාව වැදගත් වෙන්නෙ අපි ඉන්දියාවට ලග නිසා චීනෙට දකුණු ආසියානු හා පැසිෆික් දොරටුව තමා ලංකාව ඒ දොර ඇරගත්තොත් එයාල මුලු ඉන්දියන් සාගරෙත් පැෆිපික් සාගරටත් අප්‍රිකාවයත් බොහොම ලේසි ප්‍රවේශයක් ගන්නවා. එයාගේ ආර්ථික පරම හතුරා ඉන්දියාව දණගස්වන්න පුළුවන්. මේ තුළ තියෙන්නේ දැවැන්ත ආර්ථික හා භූදේශ්පාලනික කථාවක්. ඇමරිකාවත් මේ පිළිබද ඔච්චරම උනන්දුවක් දක්වන්නේ ඔන්න ඔය හේතුව නිසයි.

අපිට චීනේ නැතුව ගමනක් තියනවද ?

කොහෙත්ම නෑ ඉතිරි දශක කීපය ඇතුලත ලොව විශාලතම ආර්ථිකයට චීනය හිමිකම් කියාවි. ඉතින් ඒ වගේ ආර්ථික දේශපාලනික හා මිලටරිමය දැවැන්තයෙක් අපේ තරහාකාරයෙක් කරගන්න එක කිසි සේත්ම නුවනට හුරු වැඩක් නෙමෙයි. ඒ වගේම අපේ බැදීම පවතින්නේ ඉතා ඈත අතීතයේ ඉදං සේදමාවතේ සංදිස්ථානයක් අපි සතු උනා ඒක අදටත් එහෙමයි. ඒ වගේම අපේ අපනයන සදහා අවශ්‍ය අමුද්‍රව්‍ය වලින් 80% වකට වඩා ආනයන කරන්නේ චීනයෙන් ඉතින් අපිට චීනෙත් නැතුව ගමනක් නෑ .

අපිට ඉදිරි දශකයේදී ආර්ථික හා දේශපාලනිකව අපේ රට ස්ථානගත කරන්න නම් අතිශය සුක්ශම දියුණු දැක්මක් හා නොසෙලෙන ශක්තිමත් රාජ්‍යත්‍රාන්ත්‍රික යාන්ත්‍රනයක් අවශ්‍ය වෙනවා. චීනය හා ඉන්දියාවේ ආර්ථික යුද්ධය අපිට වාසියක් කරගන්න තරමට අපි කපටි විය යුතුයි සූක්ශම විය යුතුයි. ඒකපාර්ශිකව පැත්තක් ගත්තොත් අපිට ලග නමලා කෙලවෙනවා නියතයි. කැමැත්තෙන් හෝ අකමැත්තෙන් අපිට භූ දේශපාලන හා ආර්ථික යථාර්තයන්ට මූන දෙන්නම වෙනවා. බොරු දේශාභිමානි සටන්පාට වලට මේ වගේ ගැඹුරු ප්‍රශ්න විසදන්න කිසිසේත්ම බෑ.

කෙසේ වෙතත් අපි අපේ ශක්තිය ගොඩනගා ගතයුතුයි. අපේ ආර්ථිකය වර්ධන වේගය වැඩිකරගත යුතුයි. චීනය හා ඉන්දියාව මෙන්ම අනෙකුත් කලාපීය රට වල ආර්ථිකයන් හා අපේ ආර්ථිකයට ගැට ගසාගතයුතුයි. එයට අවශ්‍ය ප්‍රතිසංස්කරණ නීති හා ප්‍රතිපාදන සැපයිය යුතුයි. බස්වල ත්‍රීවිල් වල කෑලිගලෝනවට එහා ගිය සුද්ද කිරීමක් ආර්ථිකයට කලයුතුයි. හැකි ඉක්මනින් අවශ්‍ය ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු නොකලහොත් චීනය හා ඉන්දියාව වැනි දැවැන්ත ආර්ථික හා දේශපාන බලවේගයන්ට අපිට යටවීමට සිදුවීම අනිවාර්ය වනු ඇත.

Janath perera

Social Sharing
ආර්ථික නවතම පුවත්