පැමිණිලි ඉවත් කර ගන්නැයි කුට්ටිගල OIC ගෙන් තර්ජන.

Kuttigala OIC threatens to withdraw complaints

සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට යෑමේදී සහ විවිද වැටලීම්වලට පොලිස් නිළධාරීන් සිවිල් ඇදූමින් සැරසී යෑම තුලින් ගැටළු ඇතිවූ අවස්ථා බොහොමයක් පසුගිය කාලයේදී ජන මාධ්‍ය තුලින් අහන්නට දකින්නට ලැබුණි, ඒ නිසාම වැටලීම් රාජකාරි කටයුතුවලදී සිවිල් ඇදූමින් නිළදාරින් සහභාගි වන්නේ නම් නිළ ඇදුමෙන් සැරසුනු එක් නිළදාරියකු හෝ ඒ සදහා යායුතු බවට විවිධ චක්‍ර ලේඛණ නිකුත්කර ඇති සමයක, තවත් එවන් සිද්ධියක් රත්නපුර දිස්ත්‍රික්කයේ, කුටිටිගල, සුරියගමින් අප වෙත වාර්ථා විය.

මෙම සිදුවීමට අදාලව මීට ඉහතදී වාර්තා කල පුවත.

කළුවරේ වැදුණු පිහි පාරට උරණ වූ පොලීසිය වෙඩි තබා කකුල කපයි!

කුට්ටිගල, සූරියගම. අංක 741/4 දරණ ලිපිණයේ පදිංචි 21 හැවරිදි එක්දරු පියකු වූ රාමසිංහ මධුශාන් 2024 නොවැම්බර් මස 21 වනදින සවස 07.30 ට පමණ තම ගමේම පදිංචි ඔහුගේ මිතුරකු වූ නලීන්ගේ නිවසෙහි පැවැති සාදයකට ගොස් තවත් යහළුවන් කීප දෙනකු සමග මත්පැන් පානය කර, එදින රාත්‍රී 11.00 ට ආසන්නව තිබියදී සාදය නිමකර සෙසු මිතුරන් එම නිවසින් බැහැරව ගියත් මධුශාන් හා නලීන් යන දෙදෙනා එම නිවසෙහි රැදී සිටිමින් අල්ලාප සල්ලාප වල යෙදෙමින් පසු වූ අවශ්ථාවේ, මොවුන් දෙදෙනාගේ වචන පැටලීමකින් බහින් බස්වීමක් සිදූව ඇත. එම අවශ්ථාවේ අධික ලෙස බීමත්ව සිටි නලීන් විසින් කෙසෙල් කපන පිහියක් රැගෙන විත් මධුශාන්ට පහරදීමට උත්සාහ දැරීමේදී, මධුශාන් විසින් එම පිහිය නලීන්ගෙන් උදූරාගෙන, කළුවරේම කැලෑබද පටු බොරළු පාර ඔස්සේ තම නිවස කරා යෑමට පැමිණෙමින් පසුවන අවශ්ථාවේ, මැද ගෙදර අසල, පාර සමග තිබූ කැළය අයිනේ සැගව සිටි පුද්ගලයන් කිහිප දෙනකු එකවරම මධුශාන්ගේ ඉදිරියට පැන ඇති අතර, බියටපත් මධුශාන් විසින් තම අතේ තිබූ පිහිය සී සියක්කන වැණීමේදී, එම පිහිය එම කණ්ඩායමේ සිටි එක් අයකුගේ ඇඟේ ගැටී ඇත.

ඒ අවශ්ථාවේ එම පුද්ගලයන් විසින් අපි පොලීසියෙන් බව මහ හඩින් පවසා ඇති අතර. මධුශාන් විසින් බුදූ සර් වැරදූනා, මම හිතුවෙ මගෙ තරහ කාරයෝය යනුවෙන් ප්‍රකාශ කරනවාත් සමග පොලිස් නිළධාරියකු විසින් මධුශාන්ට වෙඩිතබා ඇත. ඒ වෙඩිල්ල මදූශාන්ගේ කණට පහලින් කේට ග්‍රන්තියකට හානි කරගෙන ගොස් ඇත. මධුශාන් ඒ අවස්ථාවේ බිම ඇද වැටීමෙන් අනතුරුව වහා ක්‍රියාත්මක වූ පොලිස් නිළධාරින් මොහුගේ දෑතට මාංචු දමා, බිම වැටී තිබූ පිහිය අහුලාගත් එක් පොලිස් නිළධාරියකු විසින් තෝ අපේ එකෙක් කැපුව නේද කියමින් මධුශාන්ගෙ කුකුලෙ විලුඹ ප්‍රදේශය පිහියෙන් අතුල්ලා කපා ඇත, වෙඩි ශබ්දය ඇසී ගම්වාසීන් එම ස්ථානයට එක් රොක්වී, අහිංසකයකුට වෙඩි තබලා යනුවෙන් පොලීසියට චෝදනා කිරීමෙදී එයට උරණ වූ මෙම පොලීස් නිළධාරින් විසින් එම ගම්වාසීන් පසුපස ලුහුබැඳ ගොස් පහරදීම් සිදූකරන අවස්ථාවේ මධුශාන් විසින් මාංචු පිටින්ම එම ස්ථානයෙන් පලා කැලෑව මැදින් තම නිවස වෙත ගොස් ඇති ඇත, ඒ වනවිටද සිවිල් ඇදූමින් සැරසී සිටි පොලීස් නිළධාරින් කන්ඩායමක් එම නිවසටද ගොස් මධුශාන්ව එළි වෙන්නට පැයක් ගතවීමට පෙර අල්ලගෙන මරණ බවට තම බිරිදට කියා ගොස් ඇත. ඉන් අනතුරුව මධුශාන්ගේ නිවස පිටුබස තිබූ ලදූ කැලෑවට මොහු ගොස් පසු වී සිටින අවශ්ථාවේ මධුශාන්ගේ නිවසට යාබද නිවස වූ මොහුගේ මහගෙදර වෙත පොලීසිය ගොස් මධුශාන්ගේ පියාට කුණූහරපයෙන් බැන වදිමින්, පහර දෙමින් මධුශාන් පිළිබදව විමසා ඇති අතර, ඒ ශබ්දය ඇසුණූ මධූශාන් විසින් පොලිස් හදිසි ඇමතුම් අංකය වූ 119 අමතා, කුට්ටිගල පොලීසිය ඔහුට වෙඩි තැබූ බවත්, මේ වනවිට පොලීසිය තම පියාට පහර දෙන බවත්, ඔහු පොලීයෙන් පැන්නෙ ඔහුව මරණ බවට තර්ජනය කල නිසාවෙනි යනුවෙන් පවසා පියාට ගහන්න එපා කියන්න කියා ඉල්ලා ඇත..

අනතුරුව මධුශාන් හෙමින් සීරුවේ කැලෑ මාර්ග ඔස්සෙ ගමන් කරමින් පසුදින (22දා) පස්වරු 02.20 ට පමණ ඇඹිලිපිටිය ගමි උදාව ග්‍රවුන්ඩ් එක ඉදිරිපිටට ගොස්, 1990 ට හා කුට්ටිගල පොලිසියට දූරකතන ඇමතුමි ලබා දී පසුවන විට, 1990 ගිලන් රථය හා කුට්ටිගල පොලීසියේ නිලදාරින් යන දෙපාර්ශවයම එම ස්ථානයට එකම වෙලාවට වගේ පැමිණ ඇත. ඉන් අනතුරුව මධූශාන් විසින් මාංචු දෙක පොලිස් නිළදාරින්ට දී ගිලන් රථයෙන් ඇඹිලිපිටිය රෝහල වෙත ගොස් ඇත, රෝහලේදී මොහුව නේවාසික ප්‍රථිකාර සදහා නතර කර ගැනීමෙන් අනතුරුව. පොලිසිය ඔහුව අත්අඩංගුවට රැගෙන අධිකරණ නියෝග මත දින 10ක් බන්ධනාගාර ගත කිරීමෙන් අනතුරුව මොහුට අධිකරණයෙන් ඇප මත නිදහස් කර ඇත.

මොහුගේ යතුරු පැදිය කාරමික දෝෂයක් හේතුවෙන් පන ගැන්වීමට නොහැකිව මෙම සිද්ධීය වූ දින (21දා) පෙරවරු කාලයේ මොහුගේ මිතුරෙකුගේ නිවසෙහි තබා ඇති අතර, 2024 නොවැම්බර් 22 දින පෙරවරු කාලයේ  මධුශාන්ගේ මිතුරාගේ නිවසෙහි නතරකර තිබු එකී යතුරු පැදිය කුට්ටිගල පොලීසිය විසින් රැගෙන ගොස් එය රැගෙන යෑමට මධූශාන් හට පොලිසියට පැමිණෙන ලෙස දන්වා ඇත. මධුශාන් සාමාන්‍ය සුවය ලබා සිටි හෙයින් 2025.01.06 දා මෙම යතුරු පැදිය රැගෙන ඒම සදහා කුට්ටිගල පොලීසිය වෙත යෑමෙන් අනතරුව පොලිසිය අදාල පොත් පත් පරික්ෂාකර බලා එම යතුරු පැදියේ නියම හිමිකරුට පැමිණ යතුරු පැදිය රැගෙන යන ලෙසට පොලීසිය මොහුට පවසා මොහු පොලිස් ස්ථානාධිපති වෙත යොමු කිරීමෙන් අනතුරුව පොලිස් ස්ථානාධිපති විසින් මොහුට ඉතාමත් පහත් නීච අන්ධමින් බැන වැදි පොලිසියට එරෙහිව දමා ඇති සියළු පැමිණිලි ඉවත්කර ගන්නා ලෙසට පොලිස් ස්ථානාධිපති විසින් තර්ජනය කළ බව අගතියට පත් වූ රාමසිංහ මධුශාන් අප සමග කියා සිටීහ.

සටහන-

තරංග එල්. පටබැදි

Social Sharing
අවකාශය නවතම