අගුණුකොළපෑලැස්ස, ඉදිගැටවල කොට්ඨාශයේ පිහිටි තම මවට හිමි මධ්‍යම ප්‍රාන්තික අක්කර පහක ඉඩමක අනුප්‍රාප්තිකය තම මව විසින් දියණියකට නම්කර ඇති අතර. මව මිය යෑමෙන් අනතුරුව එකී ඉඩමේ මුල් අයිතිය එහි අනුප්‍රාප්ත්කයා විසින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අගුණුකොළපෑලැස්සෙන් ඉල්ලුම්කර තිබියදීද ඒ පිලිබඳව අවධානයකින් තොරව, එවකට හිටි හිටපු ප්‍රාදේශීය ලේකම් විසින් ඉඩම් සංවර්ධන ආඥා පනතෙහි වගන්ති උල්ලංඝණය කරමින් තම මව විසින් නම්කල අනුප්‍රාප්තිකයාගේ පවුලේ වැඩිමල් සොයුරාට එකී ඉඩමේ මුල් අයිතිය ලබාදී ඇත.
ඉඩමේ මුල් අයිතිය ලබා දෙන්න ජනපද නිළධාරි ලිංගික අල්ලස් ඉල්ලයි.
ඇයගේ මව විසින් අගුණුකොළපෑලැස්ස ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත ගොස්, තම දියණියට එම ඉඩමෙහි අනුප්‍රාප්තිකත්වය නම් කිරීමට අවශ්‍ය සියල්ල සිදූකර වසර කීපයක ගතවීමෙන් අනතරුව මව මිය ගොස් ඇත, ඉන් අනතරුව දියණිය විසින් මව මියගිය බව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය දැනුවත්කර ඉහත කී ඉඩමේ මුල් අයිතිය ලිඛිතව ඉල්ලා ඇති අතර, ඒ සදහා යම් යම් තොරතුරු ලබා ගැනීමට යයි පවසා එම ආයථනයේ ජනපද නිලධාරි විසින් ඇයව එම ආයතනය වෙත අවශ්ථා කීපයක් කැදවා, මෙම ඉඩමේ මුල් අයිතිය තම පවුලේ වැඩිමල් සොයුරා ද ඉල්ලා ඇති බැවින් මෙම ඉඩමෙහි මුල් ලබාදීමේ ගැටළුවක් මතුවී තිබෙන බැව් ප්‍රකාකාශ කරමින්, මොකක් හරි කර දෙන්නම් යනුවෙන් පවසා ඔහු විසින් මැයට එම ඉඩමේ මුල් අයිතිය ලබා දෙන බව පවසමින් දිගින් දිගටම ලිංගික අල්ලස් ඉල්ලා ඇත.
සිද්ධියට අදාලව කළ පැමිණිල්ලට අනුව හිටපු ප්‍රාදේශිය ලේකම්ට විනයාණුකුලව කටයුතු කිරීමටද, ජනපද නිලදාරිට,ලගු විනය ක්‍රියාමාර්ග ගැණිමට අදාල බලධාරින් නියෝග කර ඇත.
මැය විසින් ජනපද නිලධාරිගේ එකී ඉල්ලීමට එකග නොවු හෙයින්, ජනපද නිලධාරි හා එවකට සිටි ප්‍රාදේශීය ලේකම් විසින් තම මව විසින් නිත්‍යාණුකුලව නම්කර තිබූ අනුප්‍රාප්තිකය පිලිබද අවධානය යොමු කිරීමකින් තොරව, එම ඉඩමේ කොටසක පදිංචිව පසු වූ රුවණි චම්පිකාගේ සොයුරා වෙත මෙම ඉඩමේ මුල් අයිතිය ලබාදී ඇත. එයට එරෙහිව මෙම තැනැතතිය විසින් අදාල වගකිව යුතු බලධාරින් වෙත පැමිණිලි කිරීමේ ප්‍රථිපලයක් ලෙස, ප්‍රාදේශිය ලේකම්ට විනයාණුකුලව කටයුතු කිරීමටද, ජනපද නිළධාරිට, ලගු විනය ක්‍රියාමාර්ග ගැණිමට අදාල බලධාරින් විසින් නියෝග කර ඇත.
ඉඩම් කොමසාරිස් ජනරල්ගේ නියෝගයෙන් වත්මන් ප්‍රාදේශිය ලේකම් අගුණුකොළපෑලැස්ස විසින් පෙර මුල් අයිතිය අවලංගුකර, කොන්දේශි සහිතව අනීතික ලෙස ඉඩමේ මුල් අයිතිය නිසි තැනැත්තියට ලියයි.
එමෙන්ම ප්‍රාදේශීය ලේකම් විසින් ඉඩම් සංවර්ධන ආඥා පනතට පටහැනිව කටයුතු කර ඇති බවට තීරණය කර, අනීතික ලෙස නම්කර ඇති මුල් අයිතිය අවලංගුකර තම මව විසින් පෙර අනුප්‍රාප්තිකත්වය නම්කල රුවනි චම්පිකා වෙත එකී ඉඩමෙහි මුල් අයිතිය ලබාදීමට නියෝගයක් ඉඩම් කොමසාරිස් ජනරාල් විසින් වත්මන් ප්‍රාදේශිය ලේකම් අගුණුකොළපෑලැස්ස වෙත ලබාදූන් අතර, ප්‍රාදේශිය ලේකම් විසින් මෙකී ඉඩමෙහි මුල් අයිතිය වැඩිමල් දියණිය වෙත මෙම ඉඩමෙහි කොටසකට පමණක් ඇතුළුවන ලෙසට හා එය සංවර්ධනය කිරීම සිදූ නොකරන ලෙසට කොන්දේශියක් එක්කර අනීතික ලෙස ලබාදී ඇත..
රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය විසින් මෙම පරීක්ෂණ වලට අදාලව තොරතුරු වසන් කල අවස්ථාවේ තොරතුරු දැනගැනීමේ පනත භාවිතා කල අයුරු පිලිබඳව සැකසු වීඩියෝවක් පහතින් දැක්වේ.