2024 – රජයේ ආදයම්වල සීග්‍ර වර්ධනයක්

රජයේ ප්‍රධාන ආදායම් මූලාශ්‍ර වන ශ්‍රී ලංකා රේගුවෙන් 2024 දී ඇස්තමේන්තු ගත ආදායම රුපියල් බිලියන 1533ක් (ට්‍රිලියන 1.533) වූ අතර 2024 අවසානයේ රේගු ඉතිහාසයේ වැඩිම ආදායම උපයමින් රුපියල් බිලියන 1515ක් පමණ ආදායමක් ලබා තිබේ.

සුරාබදු දෙපාර්තමේන්තුවේ ආදායම 2024 වෙනුවෙන් රුපියල් බිලියන 232ක් ලෙස ඇස්තමේන්තුගත කෙරුණු අතර 2024 නොවැම්බර් 30 වන විට එහි ආදායම ද රුපියල් බිලියන 200 ඉක්මවීය. එයද සුරාබදු දෙපාර්තමේන්තු ඉතිහාසයේ ලත් වැඩිම ආදායම බව පැවසිය යුතුය.

එසේම දේශීය ආදායම් දෙපාර්තමේන්තුව 2024 වසරේ මාස අටක කාලය තුළදී දෙපාර්තමේන්තුව 2024 අගෝස්තු දක්වා උපයා තිබෙන සම්පූර්ණ බදු ආදායම රුපියල් මිලියන 1,229,245ක් බව එහි කොමසාරිස් ජනරාල් සේපාලිකා චන්ද්‍රසේකර සාක්ෂි දරයි.

ඔවුන්ගේ ම දත්ත අනුව, සංස්ථාපිත හා සංස්ථාපිත නොවන ආදායම් බද්ද රුපියල් මිලියන 624,439 ක්, එකතු කළ අගය මත බද්ද රුපියල් මිලියන 468,863 ක්, සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද රුපියල් මිලියන 122,917 ක්, කොටස් ගනුදෙනු බද්ද රුපියල් මිලියන 1,453 ක්, වෙනත් බදු වර්ගවලින් රුපියල් මිලියන 219ක්ද උපයාගෙන ඇත.

එය  (2023) පළමු මාස අටක කාලය තුළදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුව උපයා තිබෙන බදු ආදායමට සාපේක්ෂව  සියයට 28.5%ක වර්ධනයකි.”

Social Sharing
ආර්ථික පුවත්