දම්වැල් දමා සැකකරුවන් උසාවී ගේනන එපා – කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්

බන්ධනාගාරගතව සිටින පුද්ගලයන් ද මනුෂ්‍යයන් බැවින් සතුන් මෙන් ඔවුන්ව දම්වැල් දමා විවෘත අධිකරණයට රැගෙන නොඑන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා බන්ධනාගාර නිලධාරීන්ට ඊයේ (2) අවවාද කළේය.

එම අධිකරණය වෙත රැගෙනවිත් සිටි සැකකරුවන් පිරිසකට දම්වැල් දමා තිබෙන අයුරු නිරීක්ෂණය වීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරයා එම අවවාදය කළේය.

“සතුන් ලෙස දම්වැල්වලින් ගැටගසා සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරන්න එපා. ඒකට මම කැමති නැහැ. ඒ අයත් මනුෂ්‍යයෝ ඒ අයට මනුෂ්‍යයන් ලෙස සලකන්න” යනුවෙන් ද මහෙස්ත්‍රාත්වරයා විවෘත අධිකරණයේදී පැවසීය.

අධිකරණ සිරමැදිරිය තුළ නිසි ක්‍රමවේදයන්ට අනුව ඔවුන් රඳවා තබන ලෙස ද සිය අවවාදය ලබාදෙමින් මහෙස්ත්‍රාත්වරයා වැඩිදුරටත් පැවසීය.

දිවයින

Social Sharing
නවතම පුවත්