ගෙවුණු 2024 වසර අවසන් වන්නේ කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 1.7%ක අවධමනයක් වාර්තා කරමිනුයි. මෙය මෙසේ අවධමනයකින් වසරක් අවසන් වන පළමු අවස්ථාව විය යුතුයි.
ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ නිලධාරී මට්ටමේ එකඟතාවයකට පැමිණි 2022 සැප්තැම්බර් මාසය වන විට උද්ධමනය පැවතුණේ 69.8% මට්ටමේ. එයින් අදහස් වන්නේ එම මාසයෙන් අවසන් වූ මාස 12ක කාලය තුළ සමස්තයක් ලෙස මිල මිල මට්ටම 69.8%කින් ඉහළ ගොස් තිබුණු බවයි.
කෙසේ වුවද, 2022 සැප්තැම්බර් මාසයේ සිට ගෙවුණු මාස 27ක කාලය තුළම සමස්තයක් ලෙස මිල මිල මට්ටම ඉහළ ගොස් තිබෙන්නේ 1.2%කින් පමණයි.
එළඹෙන 2025 වසරේ පළමු කාර්තුව තුළ අනිවාර්යයෙන්ම අවධමන තත්ත්වය පවතිනු ඇතත්, දෙවන කාර්තුව අවසන් වෙද්දී නැවතත් උද්ධමනය හිස එසවීමට නියමිතව ඇති බැවින් දැනට පවතින තාවකාලික අවධමන තත්ත්වය කණස්සල්ලට කාරණයක් නෙමෙයි.
#ඉකොනොමැට්ටා #economatta