රාගම ශික්ෂණ රෝහලේ සේවය කරන ඇතැම් සුළු සේවකයින් සේවා කාලය තුළ මත්ද්‍රව්‍ය හා මත්පැන් භාවිතාකරන බවට පුවතක් වාර්තා වේ. ඒ අනුව රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කරන අසාධ්‍ය රෝගීන්ව ප්‍රතිකාර කිරීම සඳහා වාට්ටු වෙත රැගෙන යාමට භාවිතා කරන රෝද පුටු සහ ට්‍රොලි රැගෙන යාමට සිටින මෙම සේවකයින් දිවා හා රාත්‍රි දෙකෙහි දීම මත්පැන් භාවිතාකර සිටින බවත් එම රෝගීන් වාට්ටූ වෙත රැගෙන යාමට සේවකයන් නොමැතිකම නිසා රෝගීන්ගේ පවුල්වල සාමාජිකයන්ට විවිධ ගැටළුවලට මුහුණ පෑමට සිදුවන බවට වාර්තා වේ.
ඒ අනුව දැඩි අසාධ්‍ය තත්වයේ පසුවන රෝගීන් රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමේ දී මෙම සේවකයන් මත්පැන් පානය කර සිහි මඳව සැඟව සිටින බවත් ජීවතයත් මරණයත් අතර සටනක පසුවන ඇතැම් රෝගීන් මියගිය අවස්ථා ද පවතින බව ප්‍රදේශවාසීන් පවසයි. මෙම හේතුව නිසාවෙන් රෝගීන්ගේ පවුල්වල සාමාජිකයන්ට අදාල සේවාවන් තනිවම කරගැනීමට සිදුවන අතර මේ අයුරින් රෝහල් සේවකයන්ගේ පවතින අක්රමිකතාවයන් හේතුවෙන් රෝගීන් හා ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් දැඩි දුෂ්කරතාවයන්ට මුහුණපෑමට ලක් වී ඇත.