මුල්‍ය අපරාධ විමර්ෂන කොට්ඨාසය (FCID) නැවත වරක් ස්ථාපිත කිරීමට අවශය මූලික කටයුතු මේ වන විට ආරම්භ කර ඇතැයි වැඩ බලන පොළිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා සඳහන් කළේය.
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව යටතේ විමර්ශන පැවැත්වූ මහා පරිමාණයේ මුල්‍ය වංචා සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීමට පොලිස් ගැසට් පත්‍රය මගින් මෙන්ම සෙසු නීතිමය අවශතා ද සම්පූර්ණ කරගනිමින් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය නමින් විශේෂ පොලිස් කොට්ඨාසයක් මුලින්ම ස්ථාපිත කරනු ලබන්නේ 2015 වසරේදී බලයට පත් යහපාලන ආණ්ඩු සමයේදීය.
දේශපාලන සම්බන්ධකම්ද ඇතිව රටේ සිදු වූ දැවැන්ත මුල්‍ය වංචා රැසක් සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ මෙම කොට්ඨාසය 2019 වසරේදී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කාලයේදී විසුරුවා හරිනු ලැබීය.
නැවතත් එම ඒකකයට පණදීමට හිටපු පොළිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා පියවර ගනිමින් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය නමින් නැවත අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවෙන් වෙන්කරන ලද විශේෂ පොලිස් ඒකකයක් ස්ථාපිත කරනු ලැබීය. ඒ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ ඇති විශේෂ අංශ කිහිපයක් වෙනම කොට්ඨාස බවට පත්කරමිනි.
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ පාලන කාලය තුළ නැවතත් එම කොට්ඨාස සියල්ල අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ වෙනම ඒකකයන් ලෙස නම් කිරීමට දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා කටයුතු කරනු ලැබීය. නැවතත් බලාත්මක වන්නේ එසේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අංශයක් බවට පත්කරනු ලැබූ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයයි.
මෙම ඒකකය නියෝජ්‍ය පොළිස්පතිවරයෙකුගේ සහ ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයකුගේ අධීක්ෂණයෙන් ක්‍රියාත්මක මෙරට සිදුව ඇති දැවැන්ත මූල්‍ය වංචා සම්බන්ධයෙන් විමර්ශන පවත්වන ප්‍රමුඛ පොලිස් අංශයක් වනු ඇති බව පොලිස් තොරතුරු සඳහන් කළේය.
දිනමිණ පුවත්පතින් උපුටා ගැනිණි.
ගයාන් කුමාර වීරසිංහ