පොලිස් නිල යූටියුබ් නාලිකාවට සහ මුද්‍රණ දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්

ශ්‍රී ලංකා පොලීසියේ නිල යූටියුබ් නාලිකාව සයිබර් ප්‍රහාරයකට ලක්ව තිබේ.

මේ වන විට එහි පාලනය සම්පූර්ණයෙන් එහි පරිපාලකයින් අතින් ගිලිහී ගොස් ඇත.

සිය මුහුණු පොතේ විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පොලීසිය පැවසුමේ මේ වන විට එය කඩිනමින් යථාවත් කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතින බවය.

මේ අතර රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට ද සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබේ.

ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ප්‍රධාන තොරතුරු ආරක්ෂණ නිලධාරී නිරෝෂ් ආනන්ද මහතා සඳහන් කළේ, කිසියම් පුද්ගලයෙකු මුද්‍රණ දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට අනවසරයෙන් පිවිස ඇති බවය.

මේ වන විට එම වෙබ් අඩවිය වෙනත් බාහිර පාර්ශවයක් විසින් භාවිත කරමින් සිටින බවට නිරීක්ෂණය වන බව ද ඔහු සඳහන් කළේය.

කෙසේවෙතත් මේ වනවිට එම සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ප්‍රධාන තොරතුරු ආරක්ෂණ නිලධාරී නිරෝෂ් ආනන්ද මහතා පැවසුවේය.

Social Sharing
නවතම පුවත්