ආණ්ඩුව බාර් ලයිසන් වැඩිපුර නිකුත් කිරීමටත්, දුප්පතුන් සඳහා අලුත් අඩු වියදම් මත්පැන් වර්ගයක් හඳුන්වා දීමටත් සලකා බලන බව පසුගිය දිනවල වාර්තා වුණා. ඒකට සුපුරුදු පරිදි භික්ෂූන් වහන්සේලා ගේ සහ අමද්‍යප ව්‍යාපාරවල විරෝධයත් පළ වී තිබුණා. විපක්ෂ නායක තුමා ද මීට විරෝධය දක්වා තිබුණා. ආණ්ඩු පක්ෂය ද විපක්ෂයේ සිටියේ නම් පැහැදිලිවම මීට විරෝධය දක්වනවා ඇති.
රනිල් සීයා පාලනය කරන කාලේ බාර් ලයිසන් වැඩිපුර නිකුත් කිරීම නිසා රජයේ ආදායම සෑහෙන ප්‍රමාණයකින් වැඩි වී තිබීම අලුත් ආණ්ඩුව ද ඒ පිළිබඳ සලකා බැලීමට හිතුවා විය හැකියි. වැඩිපුර බාර් ඇරීම නිසා සංස්කෘතිය විනාශ වෙනවා වගේ කතා වගේම, මත්පැන් බහුලව තිබීම නිසා මත්ද්‍රව්‍ය වලට පෙළඹීම අඩු වෙනවා වගේ කතාද බයිලා ය. බාර් ඇරීමට හෝ මත්පැන් අලවියට ලයිසන් නිකුත් කිරීම නිසා රජයේ ආදායම නම් වැඩි කර ගත හැකියි.
විශාල රාජ්‍ය යන්ත්‍රයක් නඩත්තු කරන්න නම්, රජයේ ආදායම වැඩි කර ගත යුතු වෙනවා. රජයේ සේවකයන්ට පඩි නඩි ගෙවන්න, පෙන්ෂන් ගෙවන්න සෑහෙන මුදලක් ආණ්ඩුවට හොයාගන්න වෙනවා. ඒ සඳහා බදු ආදායම වැඩි කර ගැනීමට අලුත් ක්රමෝපායන් සෙවීමට ආණ්ඩුවට සිදු වේවි. සල්ලි හම්බ කරන්න වැඩ කරන මිනිස්සුන්ව අධෛර්යයට පත් වන අයුරින් බදු වැඩි කිරීමෙන් මෙය කළ නොහැකියි.
සහල් පාලන මිල වෙළෙද පොළ මිලට වඩා අඩුවෙන් නියම කිරීම නිසා දේශීය වෙළඳපොලේ සහල් හිඟයක් ඇතිවුණා. ඊට පිළියම් ලෙස සහල් ආනයනය සඳහා ආණ්ඩුව පියවර ගත්තා. ඒ වුනාට ආනයනිත සහල් මිල ද පාලන මිලට වඩා බොහෝ ඉහළයි. ඒවා පාලන මිලට වෙළෙද පොළට නිකුත් කළොත් රජයට විශාල පාඩුවක් දරන්නට සිදු වෙනවා. සහල් මිල අඩු කරන්න සහල් වල ආනයන බද්ද (import tariff) අඩු අඩු කිරීමෙන් එක පැත්තකින් රජයේ ආදායම අඩුවෙන අතර අනිත් අතින් ඊට අපේ ගොවියන් විරුද්ධ වෙලා කෑ ගහනවා. ඉතින් පාරිභෝගිකයාත්, නිෂ්පාදකයාත්, වෙළෙන්දාත් එකවර සතුටු කරන්න යන එක ලේසි වැඩක් නෙවෙයි.
ආණ්ඩු මේවාට ඇඟිලි නොගහා ඉන්න එක තමයි සුදුසුම වැඩේ. රටක ආර්ථික කටයුතු මිනිස්සුන්ට නිදහසේ කරගෙන යා හැකි පරිසරයක් ඇති කිරීම තමයි රජයේ වගකීම. Clean Sri Lanka වැඩ පිළිවෙල හොඳ වැඩක්. ඒ වගේම කැඩෙන බිඳෙන පාරවල් නැවත පිළිසකර කිරීම, රජයේ කාර්යාලවල සේවාවන් කාර්යක්ෂමව පවත්වා ගැනීම, නීතිය හා සාමය සුරැකීම, ජනතාවගේ සෞඛ්‍ය , අධ්‍යාපනය වගේ දේවල් කෙරෙහි අවධානය යොමු කිරීම තමයි වඩා වැදගත්. ආර්ථික කටයුතු නිදහසේ මිනිසුන් කරගෙන ගියාදෙන්.
නත්තල් දවසේ ගෙදරට වෙලා කම්මැලි කමේ ඉන්න අතරේ නිකමට හිතුනේ.