” ජවිපෙ කාඩර්වරු තවදුරටත් සැඟවී සිටිය යුතුද ” ලිපියෙන් රටේ රාළ කිව්වේ ජවිපෙ දේශපාලන මණ්ඩලයේ,මධ්‍ය කාරක සභාවේ සහ දිස්ත්‍රික්කවල ඉන්න අප්‍රසිද්ධ සහෝදර සහෝදරියෝ දැන් එළියට ඇවිත් රටේ වගකීම් බාරගන්න ඕනි කියලයි.ඒක අර බය උනහම පැස්බරා වගේ ඔළුව හංගගෙන පස්ස එලියේ දාගෙන ඉන්න ටිල්වින්ටත් අදාලයි.මොකද මේ හෙලි නොකර පවත්වාගෙන යන සංවිධාන ජාලය එක තැනකදී ප්රශ්නකාරී එකක් බවට පත්වෙන්න පුළුවන්.
ඒ වගේම මෙහෙම සමාජගත නොවීම එයාලගේ දේශපාලන සංවර්ධනටත් ලොකු බාධාවක්. දේශපාලන වශයෙන් මෙහෙම පිරිසක් සමාජගත නොකර සිටීමෙන් ජවිපෙ ගැන උනත් ඇති වෙන්නේ ලොකු සැකයක්.දැනටමත් මේ අයගෙන් ජවිපෙ අභයන්තරයට ලොකු හානියක්වෙලා ඉවරයි.ජවිපෙ ආධ්‍යාත්මය නැත්තටම නැති කරලා ඉවරය.මේ විනාශයට පුද්ගලයෙක් වශයෙන් වගකියන්න ඕනි මෙහෙම කාඩර්වරු ප්‍රමාණයක් සම්ප්‍රදායික බොල්ෂෙවික් ආකෘතිය ඇතුලේ පවත්වාගෙන යන ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වායි.
ඕනිම දේශපාලන ව්‍යාපාරයක් උත්සහ කරන්නේ හැකි ඉක්මනින් බහුජන ව්‍යාපාරයක් බවට පත්වෙන්න.හැබැයි ජවිපෙ හදන්නේ වෙන විදිහකට මේ රට පාලනය කරන්න.
තවමත් ටිල්වින්ලා හදන්නේ අර්ධ මිල්ටරි හැඩයෙන් රට පාලනය කරන්න නං එතන ලොකු අවුලක් තියනවා.ජවිපෙ බලය ගත්තේ මහජන ඡන්දයෙන් ඒක නිසා ජවිපෙ රාජ්‍ය පාලනයට ආදේශ කරන්න ඕනි බහුජන ආකෘති.ඒවා අලුත් ඒවා උනාට කිසි ප්‍රශ්නයක් නෑ.ජවිපෙ.මාලිමාවේ බහුජන නියෝජිතයෝ ආධූනික අය වෙන්න පුළුවන්.එයාලා ගන්න තීරණ ලාමක වෙන්නත් පුළුවන්.හැබැයි එයාලා තීරණ ගන්නේ මේ සමාජය ඉස්සරහා තියාගෙන.ඒ තීරණ ගැන එයලා ජනතාවට වගකියන්න ඕනි.එයාලා හැම වෙලේම ජනතාවගේ පරීක්ෂණයට ලක්වෙනවා.
එයාලා ඒක දන්න නිසා තීන්දු තීරණ ගනිද්දී පරිස්සම් වෙන්න එයාලා පෙළඹෙනවා.හොඳම උදාහරණ තමයි හිටපු කතානායක රන්වලගේ සිද්ධිය.රන්වල ජනතාව ඉදිරියේ බොරු කිව්වා. ඒක ජනතාවට චෙක්වුනා.අන්තිමට රන්වලට කථානායක පුටුව දාලා යන්න වුනා.ඒ එක්කම අනිත් හොර ආචාර්ය මහාචාර්යවරුන්ට,හොර ඉන්ජිනේරුවන්ට,හොර විශේෂඥ වෛද්‍යවරුන්ට තමන්ගේ හොර පට්ටම් ගලවලා ජනතාව ඉදිරියේ දේශපාලන වශයෙන් නිරුවත් වෙන්න වුනා.
එතන තමයි මහජන නියෝජිතයන්ට අවශ්‍ය ලිට්මස් පරීක්ෂණ කරන තැන.ඒකට මහජන නියෝජිතයෝ බයයි.ඒ බය තියෙන්න ඕනි.හැබැයි ඔය බය ජවිපෙ ඇතුලේ හංගගෙන ඉන්න කාඩර්ලට නෑ.එයාලා රටට වගකියන්නේ නෑ. ජනතාවට වගකියන්නෙත් නෑ.එයාලා වගකියන්නේ පක්ෂයට සහ ටිල්වින්ට.එයාලා ගන්න තීරණ රටට යහපත්ද නැද්ද කියලා අපි දන්නේ නෑ.රටේ රාළ අවුරුදු විස්සක ජවිපෙ ඉතිහාසය ඇතුලේ දැක්ක විදිහට අනුව නම් ඒ තීරණවල බහුතරය රටට අහිතකරයි.
රටට අහිතකර තීරණ කවදාවත් ජවිපෙට හිතකර වෙන්නේ නෑ.ප්රශ්නය තියෙන්නේ ඕක ජවිපෙ අභයන්තර කාඩර්ලට තේරෙන්නේ නැති එකයි. එයාලා රටට පක්ෂව නෙවෙයි හිතන්නේ පක්ෂයට පක්ෂව.ජවිපෙ සියලු දෙනා පුරුදු කරලා තියෙන්නේ කාඩර්වරුන්ගේ ජීවිතවලට සමාන ජීවිත ගෙවන්න.ඒත් ජවිපෙ ඉහල නායකයන් ඒ ජීවිතවලට පුරුදුවෙලා නෑ.එයාලා ජවිපෙ ඇතුලේ ඉන්න වෙනම ප්‍රභූ පන්තියක්.ගිරා පොතකයෝ අදහන කණ්ඩායමක්.එයාලා ගත කරන්නේ අති සුඛොපබෝගී ජීවිත.හැබැයි පහලට කිසි කෙනෙකුට ඒ අවස්ථාව නොදී ඉන්න එයාලා වග බලා ගන්නවා.
ජවිපෙ බහුජන නියෝජිතයාට තමන්ගේ වගකීම ඉෂ්ඨ කරන්න දෙන්න ඕනි පහසුකම් ටික තීරණය කරන්නේ අර පක්ෂය ඇතුලේ හැංගිලා ඉන්න කාඩර්වරු නං ඉතින් තවත් කවර කතාද?
මේක හොඳම උදාහරණය තමයි පහුගිය දවසක ජවිපෙ පැලවත්ත පක්ෂ මූලස්ථානයට සියලු මන්ත්‍රීලා කැදවලා ටිල්වින් කරපු වැඩමුළුව. ටිල්වින් පක්ෂ කාඩර්වරයෙක් විදිහට තමයි මන්ත්‍රීලගේ ප්‍රශ්න දිහා බලන්නේ.දිස්ත්‍රික්කවල ප්‍රශ්න විසදන්නෙත් එහෙමයි.සමහර දිස්ත්‍රික්කවල මන්ත්‍රීලා පත්වෙලා තියෙන්නේ ඒ ඒ ආසනවලට අනුව නෙවෙයි.එක ආසනේක මන්ත්‍රීලා තුනක් හතරක් ඉන්නවා.
දැන් ජවිපෙන් ඒ මන්ත්රීලාට ආසන වෙන් කරලා දෙන්න ඕනි.
එතකොට තමන්ගේ ආසනේ අහුවෙන්නේ එක්කෙනෙකුට විතරයි.අනිත් අයට වෙන ආසනවලට ආසන සංවිධායකයෝ විදිහට යන්න වෙනවා.හැබැයි මේ අයට යන්න වාහනයක් නෑ. මහජන දිනය කරන්න තැනක් නෑ.මහජන දින කලත් කරන්න වැඩක් නෑ.පාර්ලිමේන්තු ඇවිත් නවතින්න තැනක් නෑ.මාදිවෙල මන්ත්‍රී නිවාසවල පොල් පටවලා වගේ මන්ත්‍රීලා පටවලා.සමහරු ඉන්න බැරිව එලියට බහිනවා.කොළඹ යාළුවෝ හොයාගෙන යනවා.රෑ නවාතැන් දීලා උදේට ඒ මන්ත්‍රීලා පාර්ලිමේන්තුවට transport කරන්නත් ඒ යාළුවන්ට සිද්ධවෙලා.
ඇත්තටම දැන් මාලිමාවේ මන්ත්‍රීලා කොළඹ මිනිස්සුන්ටත් මහ වදයක් වෙලා.මෙහෙම කරලා මොකද්ද මේ මහජන නියෝජිතයින්ගෙන් ගන්න හදන Out Put එක.ටිල්වින්ලා හදන්නේ එයාලාට තියන පරණ ඇරියස් මේ මන්ත්‍රීලගෙන් කවර් කරන්න.ටිල්වින්ලා ජවිපෙට හදපු අලුත් තක්කඩි සංස්කෘතික මේක ඇතුලට ඔබන්න.තව ටික දවසකින් ඔය මන්ත්‍රීලා අතර අමුතු තුප්පහි සංස්කෘතිකක් හැදෙනවාම තමයි.ලයින් කාමරවල සංස්කෘතික ගැන ජවිපෙ ඡන්දෙට ඉස්සෙල්ලා කතා කළා.ඒ සංස්කෘතිය මාදිවෙල නිවාස ඇතුලේ හැදුනේ නැත්නම් පුදුමයි.
දැනටත් ඒක වෙලා.
ඔය මිනිස්සු ඒ වැරදිවලට පොලොඹවන එක තමයි දැන් ජවිපෙ කරන්නේ.එහෙම කරලා එපා එකා එලවනවා.ටිල්වින්ට ඕනි එකා තියා ගන්නවා.ඔයලා දන්නවා ඇති ඉතිහාසයේ ජවිපෙ කෑගල්ල හිටපු මන්ත්‍රී අනුරුද්ධ පොල්ගම්පොල සහෝදරයා ඉතා සුළු වරඳකට පක්ෂයෙන් අයින් කලා.පොල්ට ඉල්ලා අස්වෙන්න කිව්වා.පොල් කියපු ගමන් ඉල්ලා අස්වුනා.එයාගේ මල්ලී මන්ත්‍රී වරප්‍රසාද පාව්චිචි කරගෙන ජපානයට ගිහින් දාලා ආපු වරඳට තමයි එහෙම දඩුවම් කළේ.
පොල්ගම්පොලලා ජවිපෙ වෙනුවෙන් කැප කරපු කිසිම දෙයක් සලකා බලන්නේ නැතිව ටිල්වින් තීරණ ගත්තා.
හැබැයි ඒ අර්ථයෙන් හිතුවොත් එලවන්න නෙවෙයි එල්ලන්න තරම් සුදුසු වැඩ කරපු අය ජවිපෙ අදත් ඉන්නවා.අදත් ඉන්න මහ ලොකු ඇමතිවරු එහෙමයි සහ දැනුත් ඒ වැරදි කරනවා. රටේ රාළ මේ කතා කරන්නේ සියලු සාක්ෂි අතේ තියාගෙන.හැබැයි ඒවට ජවිපෙන් දඩුවම් නෑ. මොකද ඒවා ටිල්විනුත් කරන වැරදි.ඒක නිසා ටිල්වින් සහ ටිල්වින්ට අවනත කාඩර්වරු හදපු තක්කඩි සහ පාදඩ සංස්කෘතික ජවිපෙ ඇතුලේ වේගයෙන් පැතිරීගෙන යනවා.ඒකේ ගොදුරු බවට මේ මන්ත්‍රීලගෙන් බහුතරය පත්වීමේ අවධානමක් තියනවා.
අන්තිමට මන්ත්‍රීකම නෙවෙයි ඔය මිනිස්සුන්ට පවුල් ජීවිතත් නැති වෙනවා.රටේ රාළ අද කිව්වා කියලා හිතාගන්න.ඒ තරම් පහත් තැනට ජවිපෙ දැන් වැටිලා.ජවිපෙ ඇතුලේ තිබුණ උත්තුංග සංස්කෘතික සහ මහා ආධ්‍යාත්මය ටිල්වින්ලා විනාශ කරලා ඉවරයි.ආයෙත් රටේ රාළ කිව්වා කියලා ලියලා තියාගන්න මේ ව්‍යසනයේ ඊළඟ ගොදුර බවට පත් වෙන්නේ ජනාධිපති අනුර කුමාරයා දිසානායක.
ඒක වෙන හැටි අපි ඉදිරි ලිපිවලින් කතා කරමු.
හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.