සහල් වල ඇත්ත හිගයක් වෙළෙඳපොළේ තිබුණ බවත්, එය රජයේ ආයතන ගණනය කොට තිබු ප්‍රමාණයටත් වැඩි බවත් , වෙළෙඳ ඇමති වසන්ත සමරසිංහ මහතා මාධ්‍ය අමතා ප්‍රකශ කොට ඇත .
සහල් මෙට්‍රික් ටොන් 70,000 ක් හිග බව රජයේ ආයතන ගණන් බලා තිබුණත් මේ වනවිට ටොන් 70,000 ක් ගෙන්වා ඇතත් සහල් හිගය ඊට වඩා විශාල බවත් ඇමතිවරයා කියයි .
වැඩි මිලට විකිණීමට සහල් සඟවා ඇතැයි කියනවා නම් එම සහල් මේ වන විට වෙළෙඳපොළට පැමිණිය යුතු බවත් , ලබන මස සිට මේ කන්නයේ සහල් වෙළෙඳපොළට එන නිසා සඟවාගෙන සිටීමේ තේරුමක් නැති බවත් ඒ මහතා පෙන්වා දුන්නේ ය.
yukthiya.lk