මූඩීස් විසින් ඉහළ දැමූ ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය

ගෝලීය ණය ශ්‍රේණිගත කිරීමේ නියෝජිතායතනයක් වන මූඩීස්, ආයතනය විසින් ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම ‘Ca’ සිට ‘Caa1’ දක්වා ඉහළ නංවා ඇත. ශ්‍රී ලංකාවේ ණය හිමියන් විසින් පසුගිය සතියේ ඩොලර් බිලියන 12.55 ක ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලැස්ම අනුමත කිරීමෙන් පසුව මෙම ධනාත්මක වෙනස සිදුවිය.

ණය ශ්‍රේණිගත කිරීම ඉහළ දැමීම හරහා ශ්‍රී ලංකාවේ මූල්‍ය තත්ත්වය වැඩිදියුණු වෙමින් පවතින බව පැහැදිලි වේ. මූඩිස් පැවසුවේ ශ්‍රී ලංකාව මුදල් හිඟවීමේ අවදානම අඩු කරගෙන ඇති අතර ණය කළමනාකරණය කිරීමේ හැකියාව වැඩිදියුණු කරගෙන ඇති බවයි. විදෙස් සංචිතවල අඩු අවධානම සහ රජයේ ද්‍රවශීලතාවය සමගින් පසුගිය වසර දෙක තුළ ශ්‍රී ලංකාව එහි මුල්‍යය කළමනාකරණයේ ප්‍රගතියක් ලබා ඇත.

2022 මැයි මාසයේදී ශ්‍රී ලංකාව එහි දරුණුතම මූල්‍ය අර්බුදයට මුහුණ දුන් අතර ඉතිහාසයේ ප්‍රථම වතාවට විදේශ ණය ආපසු ගෙවීමට නොහැකි විය. නමුත් දැන් රට යථා තත්ත්වයට පත්වෙමින් තිබෙන බැවින්, ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ණය ප්‍රතිව්‍යුහගත කිරීමට බැඳුම්කර හිමියන් පසුගිය සතියේ එකඟ විය.

ලොව අනෙකුත් ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනද මේ වන විට ශ්‍රී ලංකාවේ මුල්‍ය ස්ථාවරත්වය කෙරෙහි සිය අවධානය යොමුකරමින් සිටි. ප්‍රභල ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ෆිච් (Fitch) ආයතනයද මෑතකදී ශ්‍රී ලංකාවේ ශ්‍රේණිගත කිරීම “සීමා කළ පෙරනිමි” (restricted default) සිට “CCC+” දක්වා ඉහළ නැංවීය.

මෙම ණය ශ්‍රේණිගත කිරීම් ඉහළ නැංවීම ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් වීමට සහ ස්ථාවරත්වය කරා ගමන් කිරීමට ක්‍රියා කරන බැවින් එය ශ්‍රී ලංකාවේ සංවර්ධනය කෙරෙහි යහපත් ඉඟියක් ලබා දෙයි.

සටහන
Srimal DC

 

Social Sharing
ආර්ථික නවතම පුවත්