AHRC ය, නීතියේ ආධිපත්‍ය තහවුරු කිරීම සදහා කඩිනම් පියවර ගන්නා ලෙස ජනපතිගෙන් ඉල්ලයි!

නීතියේ ආධිපත්‍ය සහ ගෞරවය ප්‍රතිස්ථාපනය කිරීම සඳහා කඩිනම් ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන ලෙස හොංකොං හි පිහිටි ආසියානු මානව හිමිකම් කොමිසම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.

ඒ සම්බන්ධව ආසියානු මානව හිමිකම් කොමිසමේ ප්‍රතිපත්ති හා වැඩසටහන් අධ්‍යක්ෂ නීතිඥ බැසිල් ප්‍රනාන්දු මහතා විසින් නිකුත් කළ ඇති සම්පුර්ණ නිවේදනය පහත දැක්වේ.

http://www.humanrights.asia/news/ahrc-news/AHRC-OLT-004-2024/

ඉහත නිවේදනය මගින් පෙන්වා දෙන්නේ, සංවර්ධන ඉතිහාසය හරහා ඕනෑම අයෙකු පැහැදිලි කරන පරිදි, නීතියේ ආධිපත්‍යය පිළිබඳ අදහස වන්නේ පාලනයේ අත්තනෝමතිකත්වය අවම කළ යුතු බවත්, පාලනයට අදාළ සියලු කටයුතු පැහැදිලි නීතිමය සම්මතයන්ට අනුව සිදු කළ යුතු බවත් ය. එම නීත්‍යානුකූලභාවය හුදු බහුතරය මත පදනම් වූ කෘතිම නීත්‍යානුකූල භාවයක් විය නොහැකි බවත්, එමෙන්ම, එය කිසිවකුට වෙනස් කළ නොහැකි මූලික මූලධර්ම මත පදනම් විය යුතු බව පෙන්වා දේ. දැනට පවතින සමස්ත පාලන සැලැස්මම පදනම් වී ඇත්තේ නීතියේ ආධිපත්‍ය මූලධර්මවලට වඩා අත්තනෝමතිකත්වය මත බවත් ඒ සදහා පහත සදහන් කඩිනම් ප්‍රථිසංස්කරණ ක්‍රියාත්මක කළ යුතු බවත් එම නිවේදනය මගින් පෙන්වා දේ.

  • බරපතල අපරාධ සම්බන්ධයෙන් මහාධිකරණවල දෛනික නඩු විභාගය විධිමත්ව කඩිනමින් විසදීම
  • දූෂණ වංචා පාලනය සදහා සිදු කළ යුතු ප්‍රථිසංස්කරණ
  • නීතිපති දෙපාර්තමේන්තුව ප්‍රතිසංස්කරණය කිරීම

මේ සම්බන්ධව දීර්ඝ විස්තරයක් කිරීමට බලාපොරොත්තු නොවෙන බවත් ඒ වෙනුවට, කෙටිම කාලය තුළ ඉහත කාරණා සාක්ෂාත් කරගත හැකි ආකාරය යෝජනා කරන බවත් මේ පිළිබදව කඩිනම් අවධානය යොමු කරන ලෙසත් ජනාධිපති අනුර කුමාර දිසානයක වෙත යොමු කළ ලිපියේ දැක්වේ. එහි පිටපත් අගමැතිණිය හා අධිකරණ ඇමතිවරයා වෙත ද යොමු කර තිබේ.

 

 

 

 

Social Sharing
නවතම පුවත්